Gossip

මගේ ජීවිතේ,මට ආදරේ කරන මාව බලාගන්න යම් කිසි කෙනෙක්‌ ඉන්නවා, ඒ ඇති නේද – දෙවැනි ඉනිමේ අවන්ත

අවන්ත කියපු ගමන් මතකෙට එන්නේ දෙවැනි ඉනිම.
ඒ තරමටම අවන්ත කියන චරිතය හරහා ඔහු රසික හදවත් දිනාගෙන තියෙනවා.
ඉතිං අවන්ත එහෙමත් නැත්නම් කේෂාන් ශෂීන්ද්‍ර ඔහුගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පපතකට මේ විදිහට කියලා තිබුණා.

ෂූටින් ද?

ඔව්… දෙවැනි ඉනිමේ.

ගීතයක්‌ කරන්නේ නැද්ද?

කරනවා. ඇත්තටම ගීත කිහිපයක වැඩ පටන් අරං තියෙනවා. ඒ ටික කරගෙන යනවා.

දැන්වීම්?

ඔව් දැන්වීම් ගණනාවකටම සම්බන්ධ වෙන්න අවස්‌ථාව ලැබුණා. ඒ වැඩ කටයුතු තමයි ඉතිං කරගෙන යන්නේ.

දෙවැනි ඉනිමට අමතරව වෙනත් නිර්මාණයකට දායක වුණේ නැද්ද?

නැහැ. මේ ටිකේ වෙන එකකට දායක වෙන්න තරම් කාලයක්‌ ඉතුරු වුණේ නැහැ. අනික මගේ මූලික කටයුත්ත සහ ප්‍රමුඛතාව සංගීත කටයුතුවලට.

ඇයි මේ ටිකේ වැඩිපුර සංගීත කටයුතු ගැන හිතුවේ?

පහුගිය ටිකේම තිබුණු වැඩකටයුතු එක්‌ක සංගීත කටයුතු ඇත්තටම මග හැරුණා. ඒකයි සංගීතයට මූලික අවධානය දෙන්න හිතුවේ මේ ටිකේ.

ඒ කියන්නේ සංගීතයට මුල් තැන දෙන්න රඟපෑමෙන් ඉවත් වෙන්නද කල්පනාව?

නැහැ.. නැහැ… එහෙම දෙයක්‌ නෙමෙයි. හොඳ චරිතයක්‌ ලැබුණොත් මම අනිවාර්යයෙන් කරනවා.

චිත්‍රපට සඳහා ආරධනා ලැබුණේ නැද්ද?

ටික දවසකට කලින් චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් ඒ චරිත වලට හිතේ ලොකු කැමැත්තක්‌ ඇතිවුණේ නැහැ. ඒ නිසා ඒ ලැබුණ ආරාධනා කිහිපය අත් හරින්න හිතුවා.

අලූත් ගීතය රිලීස්‌ කරන්න හිතාගෙන ඉන්නේ කොයි කාලේද?

දින වකවානුවක්‌ නං හිතුවේ නැහැ. ඇත්තටම මේ වැඩ ටිකට කාලය හොයා ගත්තෙත් බොහොම අමාරුවෙන්. ඒ නිසා වෙලාව හදාගෙන පුළුවන් ඉක්‌මනට ඒ ගීත රිලීස්‌ කරන්නයි උත්සාහ කරන්නේ. ගොඩක්‌ දුරට වැඩ ඉවර නිසා තව මාසෙකින් හමාරකින් විතර කියලා කියන්න පුළුවන්. ෂෙහාන් ගලහිටියාව ගීතය රචනා කළේ සංගීතය උදාර.

බොහෝ නව පරපුරේ ගායකයින්ට බෑන්ඩ් එකක්‌ තියෙනවා. ඔබටත්?

ඔව්… මටත් බෑන්ඩ් එකක්‌ තියෙනවා. ඒක එකොස්‌ටික්‌ බෑන්ඩ් එකක්‌.

චෝදනාවක්‌ තියෙනවා කේෂාන් ක්‌ෂේත්‍රයේ තරමක ආඩම්බර කාරයෙක්‌ කියලා?

අනේ මන්දා… මේ ඉතිං මගේ විදිහනේ. ලොකුවට මං කතා කරන්න යන්නේ නැහැ.
නමුත් කතා බහ කරන වෙලාවට මං කතා බහ කරලා ඉන්නවා. ඒක මිනිස්‌සු භාර ගන්න විදිහනේ. මං හැමෝත් එක්‌කම කතා බහ කරලා ඉන්නවා.
ඒ හින්දා චෝදනාව භාරගන්න බෑ නේද.

ගෙදර කට්‌ටිය කොහොමද?
හොඳින් ඉන්නවා හැමෝම. මගේ තාත්තා හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ සහ ක්‍රිකට්‌ කෝච් කෙනෙක්‌. අම්මා ගෘහණියක්‌. මගේ සහෝදරිය මේ වෙද්දි විදෙස්‌ ගතවෙලා. සහෝදරයා නුවර ඉන්නේ.

ඔබේ ජීවිතේ පන්ගුකාරිය කව්ද?
මගේ ජීවිතේ මට ආදරේ කරන මාව බලාගන්න යම් කිසි කෙනෙක්‌ ඉන්නවා. ඒ ඇති නේද

ජනප්‍රිය නළුවා සිහිනය ඔබට තිබුණේ නැද්ද?
නැහැ… ඒක මං බලාපොරොත්තුවෙන දෙයක්‌ නෙමෙයි. මොකද මං ජනප්‍රිය කැටගරි එකේ කෙනෙක්‌ නෙමෙයි කියලයි හිතන්නේ මං. ඒක මගේ සිහිනයක්‌ නෙමෙයි. කවදාහරි වෙනවා නං මට වෙන්න ඕන හොඳම නළුවා.

කේශාන් අවන්ත වගේද?
නැහැ.. නැහැ… මටත් ටිකක්‌ තරහා යනවා තමයි. ඒත් එහෙම නං නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!