Gossip

“කොහොමත් මම වැඩිපුර කතා කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම එයාට ගොඩාක් කැමැති. එයා Marry කලෙත් මම ආසම කෙනෙක්” – කාවින්ද්‍යා අධිකාරී

කාවින්ද්‍යා අධිකාරී ගැන පසුගිය කාලේ නිතරම වගේ කතා වුණා.
මේ අපි කියන්න යන්නේ කාවින්ද්‍යාගේ කවුරුත් නොදන්න වෙනස්ම කතාවක් ගැනයි.
අරුණ පුවත්පතට කාවින්ද්‍යා මේ විදිහට ඒ කතා ටික කියලා තිබුණා.

කාවින්ද්‍යා භාවිත කරන Phone එක මොකක්ද ?
iPhone X එකක්.

Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද්?
Lock Screen එකේ අම්මාගේ Photo එකක් තියෙන්නේ. Wallpaper එකේ නම් iPhone එකේ තිබ්බ එකක්මයි.

Phone Gallery එකේ පින්තූර කීයක් විතර තියෙනවා ද?
17833ක් තියෙනවා.

Phone එකේ Gallery එකේ තියෙන ආසම පරණ Photo එක මොකක්ද ?
අපේ පවුලේ ඡායාරූපයක්. දයාන් විතාරණ මහතා තමයි ඒක ගත්තේ.

වැඩිපුරම Call කරන කෙනා කවුද ?
අම්මා තමයි හැමවෙලාවෙම Call කරලා මම ගැන හොයලා බලන්නේ.

කාවින්ද්‍යාට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා කවුද ?
සජීත් . චතුරංග. බොරුවට තරහවෙලා හිටියේ මම එයා එක්ක.

අන්තිමට පාවිච්චි කරපු ඇප් එක මොකක් ද ?
WhatsApp

වැඩිපුරම භාවිත කරන ඇප් එක මොකක් ද ?
Snap Chat, WhatsApp , Instagram

Phone එකෙන් වැඩිපුර කතා කර කර ඉන්න කැමැති කාත් එක්කද?
දැනට නම් එහෙම විශේෂ කෙනෙක් නැහැ. කොහොමත් මම වැඩිපුර කතා කරන්න කැමැති කෙනෙක් නෙවෙයි.

වැඩිපුරම Play කරන Game එක මොකක්ද ?
Asphalt කියන Game එක.

සාමාන්‍යයෙන් Alarm එක තියන්නේ කොහොමද ?
5 ට නැඟිටිනවා නම් උදේ 4.15 ඉඳලා විනාඩි 15න් 15ට Alarm තියනවා. එතකොට හරි වෙලාවට නැඟිටිනවා.

අන්තිමට Google කරේ මොනවද?
Derana Music Awards එකේ තේමා ගීතයක්.

Phone තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක්ද?
WhatsApp .මම වැඩිපුර Call කරන්නේ නැති නිසා WhatApp එකෙන් Text කරන එක තමයි කරන්නේ.

අන්තිමට අහපු සින්දුව මොකක් ද ?
දෙරණ නාළිකාවේ අලුතින්ම විකාශයවන ” සංගීතේ ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය.

ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එක ද බලන්නේ ?
දීපිකා පදුකෝන්ගේ. මම එයාට ගොඩක් කැමැති. එයා Marry කළෙත් මම ආසම නළුවෙක්. ඉතිං ඒනිසා මම කැමති ඒ දෙන්නා මොනාද කතා කරන්නේ කියලා දැනගන්න.

Phone එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකක්ද?
එක පාරක් අමතක වෙලා Recently Deleted Folder එකේ තියෙන Photos කියලා phone ගැලරියේ තිබුණු ඔක්කොම Photos ටික Delete කරලා තිබ්බා. එකේ මම ආස කරන Photos ගොඩක් තිබුණා. එදා ඉතිං Phone එක නැති වුණා වගේ කියලා හිතලා හිත හදා ගත්තා.

Hand Bag එක කාවින්ද්‍යාට වැදගත් වෙන්නේ කොහොමද ?
මගේ අත්‍යවශ්‍ය බඩු ටිකක් තියෙනවා. ඒ ටික දාගෙන යන්න තමයි මට Bag එකක් ඕනි වෙන්නේ.

සාමාන්‍යයෙන් කාවින්ද්‍යාගේ Bag එකේ තියෙන්නේ මොනවා ද ?
Chewing Gum,Wet Tissues , Body Spray , මගේ Purse එක,Hand Sanitizer , Ordi Cologne, Lipstick , Eyeliner , Mascara , Charger එකයි, Ear Phones දෙක වගේ ඒවා තමයි.

කොයිවගේ Brand වල Hand Bag ද භාවිත කරන්නේ?
මම එහෙම Branded Bags පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. හම්බෙන ඕනෑම ලස්සන Bag එකක් පාවිච්චි කරනවා.

කාව හරි Bag එකේ දාගෙන යන්න අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ ?
අම්මාව තමයි ඉතිං.

Bag එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක් ද ?
Chewing Gum. මටයි අම්මටයි දෙන්නටම ඒක පුරුද්දකට ගිහින්.

කා එක්ක හරි Bag එකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුනොත් කාගේ Bag එකද ගන්න කැමැති ?
එහෙම විශේෂ කෙනෙක් නම් නැහැ. අම්මි එක්ක තමයි Bag එක මාරු කළොත් කරන්නේ.

ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ Bag එකක් ඇතුළේ තියෙන දේවල් දැක ගන්න අවස්ථාවක් ලැබුනොත් කාගේ Bag එකද බලන්නේ ?
ජෙනිෆර් ලෝපේස්. මම එයාට පොඩි කාලේ ඉඳලා කැමති.

ඇඳුමේ පාටට Hand Bag පාවිච්චි කරනවා ද ?
ඇඳුමේ පාටට ගළපන්නේ නම් නැහැ. කළු පාට Bags තමයි පාවිච්චි කරන්නේ.

ඕනිම තැනකින් Hand Bag එකක් දැක්කොත් ගන්නවා ද ? සලකන කරුණු මොනවා ද
කිසිදෙයක් එහෙම විශේෂයෙන් බලන්නේ නැහැ. ලස්සනයි නම් මට පහසුයි නම් මම ඒක ගන්නවා.

Bag එකක් අමතක නොවෙන තෑග්ගක් විදියට ලැබිලා තියෙනවා නම් ඒ කාගෙන් ද ?
මට තෑගි ලැබෙනවා හරි අඩුයි. එහෙම විශේෂ කෙනෙක්ගෙන්නම් Bag එකක් ලැබිලා නැහැ. අම්මා තමයි අරන් දෙන්නේ ගොඩක් වෙලාවට.

කාවින්ද්‍යාගේ පවුලේ අයට අමතරව ඔයාගේ Hand Bag එක ටික වෙලාවකට හරි ළඟ තියල යන්න පුළුවන් ක්ෂේත්‍රයේ කෙනා කවුද ?
අම්මාව ඇරෙන්න මට ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් විශ්වාස නැහැ. මම ගොඩක් ළඟින් ආශ්‍රය කරන අය අඩුයි.

Bag එකක් නිසා සිදුවුණු අමතක ම නොවන සිදුවීම මොකක් ද ?
Bag එකක් සම්බන්ධව නම් එහෙම විශේෂ සිදුවීම් වෙලා නැහැ. ඉස්සරහට එහෙම සිදුවීමක් වෙයිද දන්නේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!