Gossip

පිරිමියෙකු සමඟින් ළැගුම්හලක තනිවුණු මංගලිකා අවසන් හුස්ම හෙලූ

cvr

කතරගම නවාතැන්පළක කාමරයක තිබී හමුවූ ගෙල කැපීමෙන් හා වෙනත් තුවාල සිදු වී මිය ගිය කාන්තා මළ සිරුරක් පිළිබඳව කතරගම පොලිසිය සිදු කළ මූලික විමර්ශනයකින් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා මළ සිරුර හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත පසුගියදා (29දා) පෙරවරුවේ රැගෙන යන ලදී.

මේ කාන්තාව මරණයට පත්ව ඇත්තේ ඉකුත් 28දා සිදුකර ඇති මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවත් මෙම මරණය සිදු කර ඇති බවට හඳුනාගත් පුද්ගලයාද එදිනම කතරගම නගරයට ආසන්න ප්‍රදේශයකදී ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවත් අනාවරණය වී ඇත.

මෙසේ ගෙල කැපීමෙන් මිය ගොස් ඇත්තේ කතරගම ප්‍රදේශයේම කාන්තාවක් වන ඩබ්. එම්. මංගලිකා නමැති 44 හැවිරිදි දෙදරු මවක් බවට තොරතුරු හෙළිව ඇති අතර ගෙල වැලලාගෙන දිවි නසාගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන ටී. ජී. නිශාන්ත නමැති 35 හැවිරිදි සිවුදරු පියෙකි.

නිශාන්ත නමැත්තා පසුගිය 28 වැනි දින පෙරවරුවෙහි මෙම නවාතැන්පළෙහි කාමරයක් වෙන් කර ඇති අතර මියගිය කාන්තාව එම කාමරයට පිවිස ඇති බව නවාතැන්පළ භාරකරු නොදන්නා බවත් එදින සවස් වරුවෙහි කාමරය පිරික්සීමේදී අගුළු දා නොමැති කාමරය තුළ මියගිය කාන්තාවගේ සිරුර හමුවූ බවත් නවාතැන්පළ භාරකරු පවසා ඇත.

කතරගම පොලිසියේ ස්ථානාධිපති උපාලි කාරියවසම් මහතා ඇතුළු පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක් මේ පිළිබඳව පරීකෂණ කටයුතු සිදු කරති.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!