Gossip

මේව්වනේ බොල ප්ලෑන්ස්

cvr

පහුගිය ටිකේ සද්දෙ වහගෙන හිටපු ගයේෂා පෙරේරා ඔන්න හිටි ගමන් පොඩි සද්දයක් දාලා. කාටවත් එහෙම නෙමෙයි සද්දෙ දාලා තියෙන්නෙ, මීඩියාවලට. වරදවා තේරුම් ගන්න එපා ඒ ඉතිං අවුලකට එහෙම නෙමෙයි.

මොකද ගයේෂා පහුගිය දවස්වල ගොඩාක් මහන්සි වෙලා එයාගෙ උපාධිය සම්පූර්ණ කළානේ. දැන් ඉතිං එයා නීතිය ඉගෙන ගන්න හිතාගෙ නලු ඉන්නේ. ඒ කියන්නෙ රඟපාන එකට වඩා දැන් ගයේෂා මුල් තැන දීලා තියෙන්නෙ ඉගෙන ගන්න එකටලු. හැබැයි ඉතිං දේශපාලන වැඩකටයුතු එහෙමත් අතෑරලා නෑලු.

ආරංචියෙ හැටියට නම් එයා මේ හැමදේම කරන්නෙ ලොකු අනාගත බලාපොරොත්තුවක් තියාගෙනලු. ගයේෂාගෙ ඒ බලාපොරොත්තුව තමයි අනාගතේ දවසක ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත කෙනෙක් වෙන එක. කොහොම වුණත් එයා ඔය වැඩ ඔක්කොම අස්සෙ සැමියා එක්ක එකතු වෙලා අලුත් ව්‍යාපාරයකුත් පටන් අරගෙන.

එච්චරම විතරකුත් නෙමෙයි ඉතිං ඔන්න එයා ළඟදීම අම්මා කෙනෙක් වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවලු.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!