Gallery

අක්කයි නංගියි වගේ ඉඳලා තිසරපට අස්සේ ලක්ෂ 60ක කුඩු සැඟවූ හැටි මෙන්න.. හොර සැමියෝ අතුරුදන් වෙයි..

එක කුස උපන් සොහොයුරියන් ලෙස පෙනී සිටිමින් ඉතා සංවිධානාත්මකව මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමක් පවත්වාගෙන ගිය කතුන් දෙදෙනකු රුපියල් හැට ලක්‍ෂයකට අධික වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසිය සමත්වී තිබෙනවා.
මෙම වැටලීම පසුගිය 26 වැනිදා සිදුකර ඇති අතර අත්අඩංගුවටගත් ජාවාරම්කාරියන් දෙදෙනාගේ තිසරපට තුළ සඟවා තිබූ රුපියල් 60 ලක්‍ෂයකට අධික වටිනාකමක් ඇති හෙරොයින් ග‍්‍රෑම් 65 ක් සහ මිලිග‍්‍රෑම් 840 ක් අත්අඩංගුවට ගෙන ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව කටාන පොලිසියේ සැරයන් (11284) සිල්වා මහතා වෙත ලත් තොරතුරක් අනුව වැටලීම සිදුකොට ඇත.
මෙම ජාවාරම් සිදුකළ නිවස කටාන නැගෙනහිර කලූවාරිප්පුව මිරිස්වත්ත ප‍්‍රදේශයේ පිහිටා ඇත. එම වැටලීම සිදුකළ අවස්ථාවේ නිවසේ සිටි පිරිමින් දෙදෙනකු පලාගොස් තිබෙනවා.. පසුව එම නිවසේ සිටි කතුන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කර පරීක්‍ෂා කිරීමේදී එම කාන්තාවන්ගේ තිසරපට තුළ සඟවා තිබූ හෙරොයින් තොගය හමු වී ඇත.
පසුව එම සැකකාරියන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් දැනට මාස කිහිපයකට පෙර නිවස කුලී පදනම මත ලබාගෙන හෙරොයින් ජාවාරම ආරම්භ කර ඇත. අත්අඩංගුවට ගත් එක් කතක් අවිස්සාවේල්ල රුවන්වැල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන 44 හැවිරිදි එක්දරු මවකි. අනිත් කත නාත්තන්ඩිය දුන්කන්නාව ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි දෙදරු මවකි.
එම කතුන් දෙදෙනා නිවස කුලියට ගෙන තම අනියම් සැමියන් සමග එහි පදිංචි වී ඇති අතර වැටලීම සිදුකළ අවස්ථාවේ පලාගිය පිරිමින් දෙදෙනා ජාවාරමට ආධාර අනුබල දුන් සැකකාරියන්ගේ අනියම් පුරුෂයන් බව හෙළිදරව් වී ඇත. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ අරඹා තිබෙනවා.
මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා, සහකාර පොලිස් අධිකාරි II පාලිත අමරතුංග යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත කටාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩිලාන් රාජපක්‍ෂ මහතා වැටලීම මෙහෙයවූහ. උප පොලිස් පරීක්‍ෂක රොෂාන් සිල්වා, කොස්තාපල්වරුන් වන (43696) චන්දන, (30630) දිලීප්, (77977) දයානන්ද, කාන්තා සැරයන් (1332) දමයන්ති, කාන්තා පො. කො. (9319) ලක්මානි සහ පොලිස් රියැදුරු (19900) චතුරංග යන නිලධාරීන් මෙමට සහභාගී වී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!