Gossip

“මගේ ආදරණීය පියාණන් ස්වකීය ජීවිතයට සමුදුන්නේය” – කසුන් කල්හාර මුහුණුපොතේ දැමූ සටහන මෙන්න – Photos

එච්.එම්. ජයවර්ධන සංගීතවේදියා පසුගියා අවසන් ගමන් ගියා.
ඔහු ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ සැමියා වන අතර නව පරපුරේ ගායන ශිල්පී කසුන් කල්හාරගේ ආදරණීය පියාද වනවා.
සිය පියාගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය ගැන කසුන් කල්හාර සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
එම සටහන පහතින්…

මාගේ ආදරණීය පියාණන් වන එච් එම් ජයවර්ධනයන් අද එනම් අප්‍රේල් 8 වැනිදා දහවලේදී ස්වකීය ජීවිතයට සමුදුන්නේය. එතුමන්ගේ දේහය අප්‍රේල් නව වැනිදා උදෑසන 09.00 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ දී මහජන ගෞරවයට විවෘත කෙරෙයි. අවසන් කටයුතු අප්‍රේල් 10 වැනිදා බදාදා පස්වරුවේ දී බොරැල්ල කනත්තේදී සිදු කෙරෙයි.

එච්.එම්. ජයවර්ධන මහතා 1950 දී මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී උපත ලැබුවා.
ගී පද රචකයෙක්, තනු නිර්මාණකරුවෙක් ලෙස මෙරට සංගීත ක්ෂේත්‍රයේ අමිල මෙහෙවරක් සිදුකළ අයෙක් ලෙස ජයවර්ධන මහතා හැදින්විය හැකියි.
පළමු වරට ඔහු තනු නිර්මාණය කළේ සිය බිරිඳ වූ විශාරද මාලනී බුලත්සිංහල ගායනා කළ රජ මැදුරක ඉපදී සිටියා නම් ගීතයටයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!