Gossip

“සැත්කම පැය 6 යි.. මැහුම් 300 යි.. මැෂිම කපන්න පැය 6 යි.” – මැෂිමට හසුවූ අතට පණ දුන් මහනුවර මහ රෝහලේ විශ්ව කර්ම සැත්කම – Photos

වඩේ අළෙවි කර ජීවි­තය ගෙන ගිය අකු­රණ තෙළ­ඹු­ග­හ­වත්තේ පදිංචි තිස්නව හැවි­රිදි මොහො­මඩ් ෆයි­සාල් පසු­ගිය බදාදා පෙර­ව­රුවේ අවධි වූයේ සුපු­රුදු රැකි­යාවේ නිර­තව කීයක් හෝ සොයා ගැනීමේ අර­මුණ ඇති­වය.

වසර ගණ­නා­වක් මුළුල්ලේ වඩේ සාදා පළ­පු­රු­ද්දක් තිබූ ෆයි­සාල් දිනය ආරම්භ කරන්නේ වඩේ සැක­සී­මට අව­ශ්‍යය පරිප්පු ඇඹ­රීම සඳහා යොදා ගන්නා ග්‍රයි­න්ඩ­රය පිරි­සිදු කිරී­මෙනි.

ග්‍රයි­න්ඩ­රය තුළට පොල්කුඩු දමා එහි ඇතු­ළත පවිත්‍ර කිරීම ඔහුගේ ප්‍රථම රාජ­කා­රි­යයි.

ග්‍රයි­න්ඩ­රය ක්‍රියා­ත්මක වෙත්දී ඒ තුළට අත දමා පොල්කුඩු වලින් ඇතු­ළත පිස දැමීම ඇස් පියා­ගෙන කර­න්නට තරම් ෆයි­සාල් පුරුදු කාර­යෙකි.

එයට හේතුව ඔහු වසර ගන­නා­වක් තිස්සේ එම කාර්යය කිරී­මෙන් ලත් අත්දැ­කීම් නිසාය. මෙදින ද ෆයි­සාල් ඒ කාර්යය ඒ අයු­රින්ම කර­ගෙන ගියේය.

එහෙත් සිදු වූයේ කිසි­සේත් අපේක්ෂා නොකල දෙයකි.

වෙනදා පරිප්පු කැබලි බවට පත් කර­මින් අඹරා දමන හිත්පිත් මැෂිම මෙදින ෆයි­සාල්ගේ අතේ ඇඟිලි අඹරා දම­න්නට වුයේ සිදු­වන්නේ කුම­ක්දැයි ඔහු­ට­වත් සිතා ගන්නට ඉඩක් නොත­බ­මිනි. වම් අතේ ඇඟිලි සමඟ අල්ලේ කොට­සක් පරිප්පු අඹ­රන මැෂි­මට අසුව ඇඹරී යත්දී ෆයි­සාල්ට කළ හැකිව තිබුණු එකම දෙය වූයේ ග්‍රයි­න්ඩ­රයේ ප්ලග් එක ගලවා ඊට සැප­යෙන විදුලි සම්බ­න්ධ­තාව බිඳ දැමී­මය.

විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය සසංක රත්නා­යක
විදු­ලිය විසන්ධි වී ග්‍රයි­න්ඩ­රය ක්‍රියා විර­හිත වෙත්දී ෆයි­සාල්ගේ අතේ මැණික් කටු­වට පහ­ළින් කොටස සම්පූ­ර්ණ­යෙන්ම ග්‍රයි­න්ඩ­රය තුළ ඇඹරී ගොස් සිර­වීම නිසා ඔහු හා පවුලේ උද­විය කළ යුත්තේ කුමක් දැයි සිතා ගත නොහැ­කිව අදෝනා තබ­න්නට විය. ඔවුන්ගේ හඬට ඒ උදෑ­සන අස­ල්වා­සීන් කිහිප දෙනෙ­කුම ෆයි­සාල්ගේ නිවෙ­සට ගොඩ වුයේ සිදුව ඇත්තේ කුමක්ද කියා බල­න්න­ටය.

සිදුව ඇති දේ දුටු කාගෙත් ඇස් උඩ ගියේය. වේද­නා­වෙන් පෙළෙන ෆයි­සාල්ට දිය හැකි විස­ඳුම ගැන ඔවුහු සිත­න්නට වූහ. ගත­වුයේ නිමේ­ශ­යකි. අස­ල්වා­සීන් කිහි­ප­දෙ­නෙකු එක්ව ඇඹ­රුම් යන්ත්‍රයේ අත සිරවී තිබූ කොටස ප්‍රධාන ඇඹ­රුම් යන්ත්‍ර යෙන් ගලවා ඉව­ත්කර දැමුහ.

ෆයි­සාල්ගේ පවුලේ උද­විය ෆයි­සාල්ව මහ­නු­වර රෝහ­ලට ගෙන ආහ.

හදිසි අන­තු­රට ලක් වූ ෆයි­සාල්ව මහ­නු­වර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­ක­යට ඇතු­ළත් කළ ද විශේ­ෂඥ වෛද්‍ය දුමින්ද හේරත් මහතා ෆයි­සාල්ගේ අතේ ඇඟිලි වලට බර­ප­තල ලෙස හානි සිදුව තිබෙන බව දැන තුවා­ල­කරු වහා එම රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශ­යට මාරු කළේය.

එහිදි සැත්කම කිරී­මට සියල්ල සුදා­නම් වී තිබුණ ද වෛද්‍ය­ව­රුන් මුහුණ දුන් ප්‍රධා­නම අභි­යෝ­ගය වුයේ තුවා­ල­ක­රුගේ අත ග්‍රයි­න්ඩ­ර­යෙන් පිට­තට ගැනී­මය. මෙහිදි වෛද්‍ය­ව­රුන්ගේ පුර්ව නිග­ම­නය වුයේ මැෂිම තුළ ඇඟි­ලිද සමඟ ඇඹරී ගොස් තිබූ අත පිට­තට ගැනී­මට නම් මැෂිම කැබලි වලට කැපීම හැර වෙනත් වික­ල්ප­යක් නොවන බවය.

“ඇඹ­රුම් යන්ත්‍රය තුළින් අත එළි­යට ගැනීම තමයි අපිට තිබුණ ලොකුම ප්‍රශ්නය.

මේ වගේ ඝන යකඩ කපන්න පුළු­වන් උප­ක­ර­ණ­යක් ශල්‍යා­ගා­රයේ නැහැ. මෙවැනි යකඩ කැපී­මට යොදා ගන්නා හයි­ඩ්‍රො­ලික් මැෂින් එකක් මහ­නු­වර ගිනි නිවීම් ඒක­කයේ තිබිය හැකි බව විශේ­ෂඥ වෛද්‍ය දුමින්ද හේරත් මහතා කළ දැනුම් දීම­කට අනුව අපි එතැ­නට කතා කළා.

ඔවුන් වහා ක්‍රියා­ත්මක වී නිල­ධා­රි­යෙකු සමඟ අදාළ උප­ක­ර­ණය රෝහ­ලට එව්වා. මුලින්ම රෝගියා සම්පූ­ර්ණ­යෙන්ම සිහි­නැති කළා. ඉන් පස්සේ තමයි අත සිරවී තිබුණු ග්‍රයි­න්ඩ­රය කෑලි වලට කැපීම සිදු කළේ.

මැෂින් එක කැපීම සඳහා පැයක පමණ කාල­යක් ගත වුණා.“අතක් ගලවා ගැනිමේ විශ්ම­කර්ම සැත්කම සිදු කිරී­මට ප්‍රධා­න­ත්වය ගත් ප්ලාස්ටික් සැත්කම් පිළි­බඳ ශල්‍ය වෛද්‍ය විශේ­ෂඥ අමිල සසංක රත්නා­යක මහතා පැව­සු­වේය.

ඇඹ­රුම් යන්ත්‍ර­යෙන් පිට­තට ගත් තුවා­ල­ක­රුගේ වම් අතේ මහ­පට ඇඟිල්ල හැර සෙසු සියලු ඇඟිලි වලට බර­ප­තල හානි සිදුව තිබිණි. මැද­ඟිල්ල හා වෙද­ඟිල්ල ස්ථාන හත­ර­කින් ද දබ­ර­ඟිල්ල හා සුලැ­ඟිල්ල ස්ථාන දෙක­කින් ද කැඩී බර­ප­තල ලෙස තැලී තිබීම නිසා ඒවා යළි යථා තත්ත්ව­යට පත් කිරීම වෛද්‍ය­ව­රුන් හමුවේ පැවැති විශා­ල­තම අභි­යෝ­ගය විය.

“තුවා­ල­ක­රුගේ වාස­නා­වට ඔහුගේ අතේ ලේ නහර වලට තද­බල හානි­යක් වෙලා තිබුණේ නැහැ. මුලින් අපි කළේ අත හොඳින් පිරි­සිදු කිරී­මයි. පසුව කම්බි වලින් ඇඟිලි වල බිඳී ගොස් තිබූ තැන් සකස් කළා.

කම්බි දාලා ඇඟිලි සම්බන්ධ කළාට පස්සේ රුධිර සැප­යුම සාමන්‍ය පරිදි සිදු­වී­මට පටන් ගැනීම නිසා අපට බය වෙන්න ප්‍රශ්න­යක් තිබුණේ නැහැ. ඇත්ත­ටම මේ සැත්කම සාර්ථක වීමට රෝගි­යාව රෝහ­ලට රැගෙන විත් තිබූ ආකා­ර­යත් බල­පෑවා. ගොඩක් අය කරන්නේ මේ වගේ යන්ත්‍ර­ය­කට අතක් අහු වුණාම ඒක ගල­වන්න උත්සහ කිරී­මයි. මැෂින් එක කැර­කෙන පැත්තට ප්‍රති­වි­රුද්ධ දිශා­වට ඒක කර­ක­වලා අත එළි­යට ගන්න හද­නවා.

එහෙම වුණාම අතේ ලේ නහර අනිත් පැත්තට කැර­කිලා ඒවාට හානි සිද්ධ වෙනවා.

එවැනි දෙයක් සිදු නොකර යන්ත්‍රය පිටින්ම තුවා­ල­ක­රුව මහ­නු­වර රෝහ­ලට ගෙනා නිසා ඔහුගේ අතේ ඇඟිලි ටික බේරා ගන්න පුළු­වන් වුණා. ලේ නහර වලට හානි වෙලා තිබුණා නම් මහ­නු­ව­රදී මේ සැත්කම කරන්න බැරි වෙනවා. ඒ වගේ වෙලා­වක අපිට සියුම් ශල්‍ය කර්ම සිදු කිරී­මට යොදා ගන්නා අන්වික්ෂ පද්ධ­ති­යක් (Operating microscope)අව­ශ්‍යය වෙනවා.

එවැනි පහ­සු­කම් අප සතුව නොමැති නිසා රෝගියා එවැනි පහ­සු­කම් ඇති ස්ථාන­ය­කට යොමු කළ යුතුයි. මෙවැනි උප­ක­රණ මහ­නු­වර රෝහ­ලට ලබා ගැනී­මට අධ්‍ය­ක්ෂ­ව­රයා මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබෙ­නවා.“ විශේ­ෂඥ වෛද්‍ය රත්නා­යක මහතා පව­සන්නේ වෛද්‍ය කණ්ඩා­යම විසින් කරන ලද සැත්කමේ සාර්ථක බව හා ඊට මඟ සැල­සුන ආකා­ර­යයි.

ප්ලාස්ටික් සැත්කම් පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය අමිල සසංක රත්නා­යක මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් සිදු­කළ මෙම සැත්කම සඳහා ගත වූ කාලය පැය හයකි.

සැත්කම සිදු කිරීමේ දී තුවා­ල­ක­රුගේ ඇඟිලි වලට මැහුම් 300 ක් පමණ දැමී­මට වෛද්‍ය­ව­රුන්ට සිදුව තිබිණි. මේ සඳහා නිර්වින්ද විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් සමඟ පවිත්‍ර නව­රත්න, සුරං­ජිත් අබේ­රත්න, රෝහිත ගුණ­ර­තන යන වෛද්‍ය­ව­රුද හෙද සහ සෙසු කාර්ය මණ්ඩල සේව­ක­යින්ද ලබා දී තිබුණේ මහඟු දාය­ක­ත්ව­යකි.

අන­තු­ර­කින් ශරීර අව­ය­කට බර­ප­තල හානි සිදු වුව හොත් පැය හයක් යන්නට මත්තෙන් ඒ සඳහා ප්‍රති­කාර ආරම්භ කළ යුතු බවත් මේ නිසා රෝගීයා පුළු­වන් තරම් ඉක්ම­නින් පහ­සු­කම් සහිත රෝහ­ලක් වෙත ගෙන ඒම අති­ශ­යින් වැද­ගත් විශේ­ෂඥ වෛද්‍ය රත්නා­යක මහතා පැව­සීය.

ශරීර කොට­සක් වෙන්ව ගිය අව­ස්ථා­වක ඒ වෙන්වූ කොටස ආර­ක්ෂි­තව පොලි­තීන් බෑග් එකක දමා අයිස් බහා­ලු­මක් තුළ ගෙන ඒම මගින් වෙන්වූ අව­යව කොටස යළි බද්ධ කිරී­මට වැඩි අව­ස්ථා­වක් ලැබෙන බවද ඒ මහතා පව­සයි.

මහ­නු­වර ශික්ෂණ රෝහලේ අති නවීන පහ­සු­කම් සමඟ අති දක්ෂ වෛද්‍ය කණ්ඩා­ය­මක් හා අත්දැ­කීම් හා නිසි පුහු­ණුව ඇති හෙද නිල­ධා­රීන්ද සිටින බවත් ඔවුන්ගේ කැප­වීම මත මෙම සත්කම මගින් අදාළ පුද්ග­ල­යාගේ අන­තු­රට පත් අතේ ඇඟිලි සියල්ල බේරා ගැනී­මට හැකිවූ බවත් රෝහල් අධ්‍ය­ෂක වෛද්‍ය සමන් රත්නා­යක මහතා පැව­සු­වේය.

කෙසේ වෙතත් තම­න්ගේම නොසැ­ල­කිල්ල නිසා නිමේ­ශ­යක දී ඇඹ­රුම් යන්ත්‍ර­යට හසු වී නැත්ත­ටම නැති වී යන්නට තිබූ මිනිස් අතට ජීවය දීමට මහ­නු­වර මහ රෝහලේ වෛද්‍ය­ව­රුන්ගේ දක්ෂ­තාව ඇග­යිය යුතු­මය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!