Gossip

“රණමග ඔස්සේ නන්දිකඩාල්“ ගිය කමල් ගුණරත්න සිසුවෙකුට පහරදීලා?

cvr
“රණමග  ඔස්සේ නන්දිකඩාල්“ කෘතිය රචනා කළා මෙජ්ර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් පාසලක සිසුවෙකුට පහරදුන් සිද්ධියක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් මෙම පුවත පිළිබඳව ඔහු විසින් මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා.

අවුරුදු 35ක හමුදා සේවයේ නියුතු මා කිසිදු දවසක හමුදා සෙබලෙකුටවත් පහර නොදුන් බවත්, මේ හේතුවෙන් පාසල් යන දරුවෙකුට තමා විසින් පහරදෙන තත්ත්වයකට   නොවැටෙන  බවත් ඔහු පවසා තිබෙනවා.

මඩ ගසන වෙබ් අඩවි වල පළ කරන දේවල් බලා පොඩි පිරිසක් මේවා විශ්වාස කරන බවත්,  ඒ පිළිබඳව තමා කණගාටු වෙන බවත්, නමුත් තමාට එමගින් ප්‍රශ්නයක් නොමැති බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා.

තමා විසින් ජනප්‍රියත්වය පසුපස හඹා නොයන බවත්,  තමා විසින් කිසිදු දිනක නොසිතු දෙයක් පළ වී ඇති බවත් කිසිදු සිදුවීමකට තමා සම්බන්ධ නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

තවත් කණගාටුවට කරුණක් නම් පුවත්පත්වල පවා මේ සිද්ධිය පිළිඳව පළ කර ඇති බවත්, තමාට හිතවත් මාධ්‍ය වේදීන්ද මේවා පුවත්පත්වල පළ කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත්සඳහන් කර තිබෙනවා.

 


Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!