හොලිවුඩ්

ජස්ටින් බීබර්ට සතෙක් කියලා හිතුණු හේතුව (වීඩියෝ)

cvr

ජස්ටින් බීබර් කිව්වම දැන් නම් නොදන්න කෙනෙක් නැති තරම්. තාමත් යොවුන් වියේ පසුවන මේ ගායකයා ඇමරිකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ඉන්න ජනප්‍රිය ගායකයෙක්. හැබැයි ජස්ටින් බීබර්ගේ ජනප්‍රියත්වය දැන් ඔහුට හිසරදයක් වෙලාලු.

ජස්ටින් කියන්නෙ තමන්ව වට කරගන්නා රසික රසිකාවියන් කෙළවරක් නැතිව තමන්ගේ ඡායාරූප ගැනීම මහා කරදරයක් වෙලා කියලා. බීබර් මේක කියලා තිබුණේ ඉන්ස්ටග්‍රෑම් එකේ.

“ප්‍රසිද්ධ තැන්වලදී රසික රසිකාවියෝ මාව දැක්කාම අඩුගානෙ මට ‘හායි’ කියලවත් කියන්නෙ නැතුව මගේ ෆොටෝ ගන්නවා. ඒ අය මොහොතකටවත් හිතන්නෙ නැහැ, මමත් මනුස්සයෙක් කියලා. ඒ අය වට කර ගත්තාම මට හිතෙන්නෙ මම සත්තු වත්තක කූඩු කරලා ඉන්න සතෙක් වගේ නේද කියලයි.”

මේ නිසා බීබර් පසුගියදා ප්‍රසිද්ධ උද්‍යානයක හුදෙකලාව ගත කරලලු. ඔහු හෙඩ්ෆෝන් එකක් පැලඳගෙන මියුරු ගීත අසමින් ඉඳලා. හැබැයි මෙතැනට නම් කවුරුත් බීබර්ට කරදර කරන්න නම් ඇවිල්ලා නෑලු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!