Gossip

යාපනය සරසවිය උණූසුම් – 4ක් රෝහලේ

යාපනය විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ සිසුන් විසින් පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධානය කර තිබූ උත්සවය අවස්ථාවේදී අද දහවල් අදාළ ගැටුම හට ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මොවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ උත්සවය අවස්ථාවේදී උඩරට සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කළ යුතු බවට එක් පිරිසක් යෝජනා කර ඇති අතර තවත් පිරිසක් විසින් ප්‍රකාශ කර ඇත්තේ දෙමළ සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කළ යුතු බවයි.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී උඩරට සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කර ඇති අතර ඊට විරෝධය පෑ සිසුන් අතර මෙම මතයන් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

මේ වන විට යාපනය විශ්වවිද්‍යාලයට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බවද වාර්තා වෙයි.

මීට අමතරව පහරකෑමට ලක්වූ විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාරවලට ද පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Jaffn-Uni

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!