Gossip

ලෝක බලවතෙක් සමඟ සෙල්ෆි ගහපු අපේ කෙල්ල – Photos

තරුණ කටයුතු නියෝජිතවරිය වන ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක පසුගියදා රුසියාවේ පැවති ලෝක සමුළුවේදී ලෝකයේ ප්‍රභලම නායකයෙක් ලෙස සැලකෙන රුසියාවේ ජනාධිපති වැලැද්මියර් පුටින් මහහතා සමග ගත් සෙල්ෆි ජායාරුපයක් කාගේත් කතා බහට ලක්ව තිබෙනවා.
ඇය එසේ කාගේත් අවධානයට යොමුවූ හේතුවනම් රුසියානු ජනාධිපති පුතින් සමග සෙල්ෆි ජායාරුප ලබාගෙන ඇත්තේ ලොවින් අතලොස්සක් බවින්.
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් මහතා විසිනුයි ජයන්තා වික්‍රමනායකව තරුණ කටයුතු නියෝජිතවරියක් ලෙස පත්කෙරුණේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසූවේ, ජයත්මා වික්‍රමනායක වයස අවුරුදු 21දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ අතර ලෝක තරුණ නිපුණතා දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩ සටහන් රැසක් සඳහා දායක වූ බව ය.
ඇය තරුණ සංවර්ධනය උදෙසා ජාතික මට්ටමෙන් ද ප්‍රමුඛ කාර්යයක් ඉටු කර ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසා තිබෙනවා.
1990 වසරේදී උපත ලැබු ජයත්මා වික්‍රමනායක කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිණියක් වන අතර දැනට ඇය පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා.
ජයත්මා වික්‍රමනායක අධ්‍යාපනය ලබා ඇත්තේ අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!