බොලිවුඩ්

ජැකලීන්ගේ පෙම්වතා අර්ජුන් කපූර්ද?

11

කට කතාවලට මේ තරම හසුවන යොවුන් නිළියක් තමයි ජැකලීන් ෆර්නැන්ඩස් කියන්නේ.

මේ ශ්‍රී ලාංකික තරුව බොලිවුඩ් සිනමාව තුළ ජනප්‍රියත්වයෙන් ඉහළ ට ඇදී යන වේගය අනුව ඇයටත් කටකතා හැදිලා ඇයට මෑතකදී මුහුණ දෙන්නට සිදුවූ කතන්දරයට පැටලී ඇත්තේ අර්ජුන් කපූර්. රසික රසිකාවියන්ගේ ආදරය දිනා ගනිමින් සිටින මේ යොවුන් රංගන ශිල්පියා සහ ජැකලින් අතර හාදකමක් ඇතැයි බොලිවුඩ්පුරය පුරා ම පැතිරී ගිය ආරංචියක කියැවුණා.

මේ ගැන ජැකලින් ප්‍රතිචාර දැක්වූයේ සැහැල්ලු මනසකින් යුතුවයි.

“අර්ජුන් ඉස්සර ඉඳල ම මගේ හොඳ යාළුවෙක්. එයා විතරක් නෙමෙයි, සෝනම් කපූර් එහෙමත් මාත් එක්ක හරිම හිතවත්. බොලිවුඩ් සිනමාවට ආපු මුල්ම දවස්වල මම ගොඩක් දෙනෙක් අඳුරගෙන හිටියෙ නැහැ. සෝනම් තමයි මාත් එක්ක මුලින්ම හිතවත් වුණේ. දැන් එයා මගේ මිතුරියක්. මම හුඟක් වෙලාවට සෝනම් එක්ක ‍ෆෝන් එකෙන් කතා කරනවා. මගේ රඟපෑම්වල අඩුපාඩුවක් තිබුණොත් සෝනම් ඒ ගැන මට කියනවා. මාත්, සෝනම්ගෙ අඩුපාඩු පෙන්නලා දෙනවා. අර්ජුන්, සෝනම් ගෙ ඥාති සහෝදරයෙක්. අපි තුන්දෙනා ම හොඳ යාළුවෝ.

මිනිස්සු නම් එක එක දේවල් කියනවා. මගේ නම විතරක් නෙමෙයි, අර්ජුන්ගේ නමට සොනාක්ෂි සිංහ ගේ නමත් ගාවලා තිබුණා. එකට චිත්‍රපටවල රඟපෑවා ම ඔහොම කතන්දර හැදෙනවා. ජැකලින් සුන්දර සිනාවක් නංවමින් කීවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!