බොලිවුඩ්

පුද්ගලයෙක් මළවුන්ගෙන් නැගිටියි

11111111111

සිහිසුන්ව සිටි පනස් විය පමණ වූ පුද්ගලයකු බස් නැවතුමක් අසලදී හමු වී ඇති අතර පොලිසිය විසින් මෙම පුද්ගලයා රෝහල වෙත ගෙන ගොස් තිබේ.

නාඩි පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් නිවේදනය කොට ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.

මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබූ ඔහුගේ දේහය වෙත පැමිණි රෝහල් සේවකයින් ඔහුගේ උදරය චලනය වන බව දැක තිබේ.

අනතුරුව මෙම පුද්ගලයා කායික රෝග වෛද්‍ය අංශයට ගෙන යෑමට කාර්ය මණ්ඩලය කටයුතු කළහ.

වෛද්‍යවරයා දැඩි නොසැලකිලිමත් ආකාරයට කටයුතු කොට ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන මෙන් පොලිසිය රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලලා තිබේ.

එම අවස්ථාවේ රෝහල් ප්‍රධානීයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ මෙම පුද්ගලයා බේබද්දෙකු බවත් ඔහු තම ජීවිතය පිළිබඳ තැකීමක් නොකර ඇති බවයි.

මෙම පුද්ගලයාගේ මුහුණේ ඉහඳ පනුවන් සිටි බවත් සාමාන්‍යයෙන් එවැනි ලකුණු දැකිය හැක්කේ මිය ගිය පුද්ගලයන්ගේ බවත් ප්‍රධානියා වැඩිදුරටත් පවසා තිබේ

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!