Gossip

ඉස්සෙල්ලම ආදරේ කළේ උගන්වන්න ආපු අක්කා කෙනෙක්ට, මට වැඩියෙන්ම ආදරේ හිතෙන්නෙත් අක්කලාට – ජනිත් වික්‍රමගේ

රසික හදවතක ආදරයෙන් තැන්පත් වෙන්න පුළුවන්නම් ඒක ලොකු වාසනාවක්.
ඒ විදිහට හැමෝගෙම ආදරය දිනාගත්තු ජනප්‍රිය තරුවක් තමයි ජනිත් වික්‍රමගේ.
ඉතිං ජනිත් ආදරය ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට අදහස් එක්කරලා තිබුණා.

පාසල් ප්‍රේමය සුන්දරයිද..?
ඕනම කෙනෙක්ට නැවුම්ම ලැබෙන අත්දැකීමක් පාසල් ප්‍රේමය තුල තියෙනවනේ.
ඒත් දීර්ඝකාලීනව සම්බන්ධතාවකදි පසුකාලීනව ජීවිතේ ලැබෙන අත්දැකීම් එක්ක පාසල් ප්‍රේමයකට එහා ගිය දෙයක් ආදරය තුල තියෙනවා.

ආදරය මුලින්ම හිතට දැනෙද්දි වයස කීයද..?
ආදරයක්ම කියලා වැටහීමක් නැති හැඟීමක් මුලින්ම හිතට ආවේ දහම් පාසලේදි. අපිට උගන්වන්න ආපු අක්කා කෙනෙක් ගැන. ඒ හැඟීම ඇතිවෙනකොට අවුරුදු 15 ක් ඇති.

ආදරය මුලින්ම ප්‍රකාශ කළ යුත්තේ පිරිමි ළමයද..?
ආදරය කියන හැගීම කාන්තාවට පිරිමියාට කියලා වෙන් වෙන්නේ නෑ. ඒක පොදු හැඟීමක්.
සම්මතයට අනුව පිරිමියා ආදරේ ප්‍රකාශ කළත් අද දියුණු ලෝකයත් එක්ක එහෙම සීමාවක් පැවතිය යුතු නැහැ.

අප්‍රකාශිත ආදරයක් ඔබට තිබුණද..?
මගේ ජීවිතේ එහෙම අවස්ථා තිබිලා නැහැ.

ආදරය කරන දෙදෙනෙකුගෙන් පෙම්වතා වැඩිමල් වියයුතුද..?
ආදරේට එහෙම සම්මතයක් නෑ. වයසින් වැඩිමල්ද කසාද බැඳලද දරුවෝ ඉන්නවද වැරදියට ජීවත්වෙන කෙනෙක්ද කියන කිසිම දෙයක් ආදරේට අදාල නෑ. ආදරේ හැමෝම පොදු මානුෂීය හැඟීමක්.

ඔබට වඩා වයසින් වැඩිමල් කෙනෙකු ගැන ආදරයක් හිතිලා තියෙනවද..?
මට හිතෙන තරමක් වැඩිපුර ආදරේ හිතිලා තියෙන්නේ මට වඩා වයසින් වැඩි අයට.

පෙම්වතියගෙන් ලැබුණු පළවැනි තෑග්ග..?
ෆර්ෆියුම් එකක් තමයි මට ඉස්සෙල්ලම ලැබුණේ.

ඇය ඔබට ආදරයට කියන නම මොකක්ද..?
කාලෙන් කාලෙට හිටිය පෙම්වතියෝ ඉතිං එක එක නම් කියනවා. ඒ අතරින් ජනු කියන නම තමයි ගොඩක්ම කියලා තියෙන්නේ.

කාන්තාවකගේ ඔබට ආදරය හිතෙන්නේ ඇයගේ මොනවගේ ගතිගුණවලටද..?
මුලින්ම ආදරේ හිතෙන්නේ ආකර්ෂණයට.. නමුත් පසුකාලීනව තේරුම් ගැනිමේදී මං කැමති සමාජයත් එක්ක ගනුදෙනු කළ හැකි පොලවේ පයගහලා ජීවත් වෙන දෙමව්පියන්ට ආදරේ කරන මනුෂ්‍යත්වයට ආදරේ කරන ඒ වගේම උපරිම ආදරයෙන් ඉන්න කෙනෙක්ට.

ආදරය සහ රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද..?
අනිවාර්යෙන්ම එය එසේ විය යුතුයි. රාගය තියෙන්නේ ආදරය තුල. නමුත් පුමුඛ විය යුත්තේ ආදරය. රාගය පුමුඛ කරගත්තොත් ඒ සබඳතාවයේ සාර්ථකත්වයක් දකින්න අමාරුයි.

ආදරය එක් සහකාරියකට විතරක් සීමා වියයුතුද..?
ආදරයක් හිතේ වේ නම් එය ඒ කෙනා වෙනුවෙන්ම විය යුතුයි. ඒක තමයි මගේ විශ්වාසය.
බුදුහිමියත් දේශනා කරලා තියෙන්නේ ජීවිතේ විනාශ වෙන මාර්ගයට ස්ත්‍රිය එක හේතුවක් වෙනවා කියලා. කොයි තරම් ප්‍රශ්න ආවත් විසඳුම දික්කසාදය කරනොගෙන බැදීමකට පැවැත්මක් ගොඩනගා ගන්න හැකියාව අප සතු වියයුතුයි.

මේ වෙද්දි ගෑණු ළමයි කීදෙනෙක් දාලා ගිහින් තියෙනවද..?
මේ වෙනකොට ගැහැණු ළමයි දෙන්නෙක් දාලා ගිහින් තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!