Gossip

සංගීතවේදී ජනනාත් වරකාගොඩගේ වාහනයට යටවූ කාන්තාව අවසන් ගමන් යයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවලදි පදික මාරුවක ගමන් කළ කාන්තාවක් රිය අනතුරකට ලක්කර ජීවිතක්ෂයට පත්කිරීම හේතුවෙන් සංගීතවේදී ජනනාත් වරකාගොඩ ඊයේ ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු ඊයේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ අලුයම 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර කොළඹ දෙසට ඔහු ගමන් කළ මෝටර් රථයේ ගැටි මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් බරපතල තුවාල ලැබූ 68 හැවිරිදි කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරිමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම කාන්තාව කඩවත ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!