බොලිවුඩ්

ජැකලීන් සුනඛයින් වෙනුවෙන් හඬ අවදිකරයි

සුනඛ මස් අනුභව කරන උත්සවයක් මීට අවුරුදු 6 කට කලින් චීනයේ ඇරඹුණා. ‘යුලින්’ නම්වූ මේ අප්‍රසන්න උත්සවයේදී සුනඛයන් 10,000 ක් පමණ ඝාතනය කෙරෙනවා. ඒත් මිනිසුන්ගේ ‘බලු ගතිය’ පෙන්වූ මේ කටයුත්ත 2011 දී නවතා දමන්නට සිදුවූයේ එරටින්ම මතු වූ දැඩි විරෝධතා හේතුවෙන්.

මේ ‘යුලින්’ උත්සවය ගැන වසර 4 කට පසුව නැවත කතා කළේ ශ්‍රී ලාංකික බොලිවුඩ් තරුව, ජැකලින් ෆර්නැන්ඩස්. ඇය මේ බව සිහිපත් කරමින් පසුගිය දා මුම්බායි නුවර දී සුනඛයන් රැක ගැනීමේ වැදගත්කම ඉස්මතු කෙරෙන වැඩ සටහනක් දියත් කළා. ‘මිනිසාගේ හොඳම මිතුරා’ යන සංකල්පය පෙරදැරි කරගෙන පැවැත්වුණේ මේ උත්සවයට බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙකුගේම නොමඳ සහයෝගය ජැකලින්ට ලැබුණා.

එලෙස සහයෝගය ලබාදුන් ජනප්‍රිය නිළියන් වන අනුශ්කා ශර්මා, චීනයේ පැවැත්වූ ‘යුලින්’ උත්සවයට එරෙහිව අදහස් පළ කළා. ජැකලින්ගේ මේ වැඩසටහනට පාගමනක් ද සංවිධානය කර තිබුණා. ඒ සඳහා බොලිවුඩ් තරු රැසක්ම එක්වී සිටියා. ඔවුන් සියලු දෙනාම පෙන්වා දුන්නේ මිනිසාගේ සැබෑ මිතුරා රැක ගැනීමේ වැදගත්කමයි.

 

j1

j2 j1

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!