බොලිවුඩ්

ඉඩකඩ මදිවුණොත් ජීවත් වෙන්න තවත් පෘථිවියක්?

ලොව අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සූර්යයා වැනි තරුවක් වටා ජීවයට හිතකර තවත් ‘පෘථිවියක්’ සොයා ගැනීමට නාසා ආයතනය සමත්ව තිබේ.

එදාමෙදා තුර අභ්‍යවකාශයේ සොයාගැනුණු පෘථිවියට බොහෝ සමානකම් දක්වන ග්‍රහ වස්තුව මෙය බව එම මෙහෙයුමට සම්බන්ධ විශේෂඥයන් කියයි.

කෙසේ වුවද එහි මතුපිට ජලය මෙන්ම ජීවයක් රැඳීමේ හැකියාව ගැන මෙතෙක් හෙළි වී නැත. ‘කෙප්ලර් 452b’ ලෙස මෙම ග්‍රහලෝකය නම් කර තිබේ. මෙය පෘථිවියට ඉතාමත් සමීප මෙන්ම එයට වඩා 60%ක විශ්කම්භයකින් යුතු අතර, එහි කාලය වසරකට දින 385ක් බව සඳහන්ය.

එසේ වුවද එහි ස්කන්ධය හා සංයුතිය තවමත් තීරණය කර නොමැති අතර පෘථීවියේ සිට හිරුට ඇති දුරට වඩා ‘කෙප්ලර් 452b’ සිය මව් තාරකාවට දුරින් සිටින බව නාසා ආයතනය සඳහන් කරයි.

පෘථීවිය හා සමාන උෂ්ණත්වය‍ක් කෙප්ලර්ට පවතින බවත් ‘කෙප්ලර්ගේ විශ්කම්භය 10%න් විශාල බවත් නාසා ආයතනය වැඩිදුරටත් පවසයි.

 

2

 

මීට අදාළ වීඩියෝව පහතින් නරඹන්න

1 Comment

1 Comment

  1. eebest8 fiverr

    July 26, 2015 at 9:36 pm

    Would you be occupied with exchanging hyperlinks?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!