Gossip

“හර්ෂණ බෙත්මගේ, ගයාත්‍රි ඩයස්, කාවිංග පෙරේරා, තරින්දි ප්‍රනාන්දු, පියුමි බොතේජු ‘ටැටූ’ ඇඳලා තියෙනවා,” – ටැටූ එකක් ඇන්දම කෙනෙක් රස්තියාදුකාරයෙක් වෙනවද..?

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ සිනමා නළුවෙක්.
ටැටූ විලාසිතාවට ලොකු කැමැත්තක් දක්වන කෙනෙක් විදිහට අපිට ඔහුව හදුන්වන්න පුළුවන්.
ඒ ගැන ඔහු මේ විදිහට සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වලා තිබුණා.

ඔබ මුලින්ම ‘ටැටූ’ එකක් ඇන්දේ කවදද?
2013 වසරේදී. මගේ පිටේ තමා මුල්ම ‘ටැටූ’ එක ඇන්දේ. ඒ නිදහසේ පියාඹන කුරුල්ලෝ ටිකක්. ඒක ඇන්දේ මහල්වරාවේ බුද්ධික කියලා කෙනෙක්. ඊට පස්සේ මගේ දකුණු කකුලේ යට කොටසේ තවත් ‘ටැටූ’ එකක් ඇන්දා. එක ඇන්දේ ජනප්‍රිය බොහෝ දෙනෙකුගේ ‘ටැටූ’ ඇඳපු රමේෂ්.

‘ටැටූ’ එකක් අඳින්න හේතුවක් තිබුණද?
නැහැ. පොඩි කාලේ ඉඳලාම ‘ටැටූ’ එකක් අඳින්න ආසාවෙන් හිටියා. මොකද, මම දකින විදිහට ‘ටැටූ’ කියන්නේ කලාවක්. මම ඒ කලාවට ආසයි.
ඒ නිසා වෙන්න ඇති ‘ටැටූ’ එකක් අඳින්න මගේ හිත ගියේ.

මේ විලාසිතා කරනවට පවුලේ අයගෙන් බලපෑමක් තිබුණේ නැද්ද?
අපෝ නැහැ. මොකද, මගේ මගේ මවුපියෝ දන්නවා මම කරන දේවල්වල හරි වැරැද්ද මොකක්ද කියලා.
මගේ මවුපියෝ මට උගන්වලා තියෙන්නේ හොඳ දේවල්. ‘ටැටූ’ එකක් ඇන්දා කියලා කෙනෙක් රස්තියාදුකාරයෙක් වෙන්නේ නැහැ.

ඔබ ‘ටැටූ’ එකක් ඇන්ද මුල් කාලයේ මේ විලාසිතාව ලංකාවේ එතරම් ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ නේද ?
ඔව්, දැන් නම් ඊට හාත්පසින්ම වෙනස්. අද තරුණයෝ පමණක් නොවෙයි තරුණියන් පවා විලාසිතාවක් විදිහට ‘ටැටූ’ අඳිනවා. ලෝකයේ ගත්තොත් ජනප්‍රිය නළුනිළියන්, ගායක, ගායිකාවන්, ක්‍රීඩකයන් ‘ටැටූ’ විලාසිතාව කරනවා. ලංකාවෙත් අද ‘ටැටූ’ විලාසිතාවට යම් පිළිගැනීමක් තියෙනවා කියලා මට හිතෙනවා.

යළිත් ‘ටැටූ’ එකක් ගහන්න අදහසක් නැද්ද?
තියෙනවා. නමුත්, මගේ වෘත්තියත් එක්ක ‘ටැටූ’ එකක් අඳින එකේ පාඩුවක් තියෙනවා. ඒත්, මගේ වෘත්තියට හානියක් නොවන විදිහට මම ආයෙත් ‘ටැටූ’ එකක් අඳින්න බලාපොරොත්තු වෙනවා.

‘ටැටූ’ එකක් ඇන්දාම යාළුවොත් එක්ක කතා කරනවාද?
අනිවාර්යයෙන්ම. මගේ සහෝදර කලා ශිල්පින්, ශිල්පිනියෝ ගොඩ දෙනෙක් ‘ටැටූ’ ඇඳලා තියෙනවා. නම් වශයෙන් කිව්වොත්, හර්ෂණ බෙත්මගේ, ගයාත්‍රි ඩයස්, කාවිංග පෙරේරා, තරින්දි ප්‍රනාන්දු, පියුමි බොතේජු ‘ටැටූ’ ඇඳලා තියෙනවා. අලුත් ‘ටැටූ’ එකක් ඇන්දොත් අනිවාර්යයෙන්ම ඒ ගැන අපි කතා බහා කරනවා.
මගේ සහෝදර රංගන ශිල්පින්, ශිල්පිනියන් පමණක් නොවෙයි. ලස්සන ‘ටැටූ’ එකක් ඇඳපු හැමෝමත් එක්ක මම කතා කරනවා. කොහෙන්ද මේ ‘ටැටූ’ එක ඇන්දේ, මොකක්ද මේ ‘ටැටූ’ එකෙන් අර්ථවත් වෙන්නේ කියලා.

‘ටැටූ’ එකක් ඇන්දාම යම් ආකාර්ෂණීය බවක් ලැබෙනවාද?
එහෙම නැහැ. මොකද, මේක විලාසිතාවක් විතරයි. හැමෝම කරන්නේ ලස්සනට. නැතුව ‘ටැටූ’ එකක් ඇන්ද පමණින් මිනිස්සුන්ගේ ආකර්ෂණයක් ලබන්න නෙමෙයි. මගේ යාළුවෝ ගොඩක් ‘ටැටූ’ ඇඳපු අය. ඉතින් මම ‘ටැටූ’ එකක් ඇඳගෙන ඒ අතර ගියා කියලා මට විශේෂ ආකර්ෂණයක් ලැබෙන්නේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!