Gossip

අයි.එස් ප්‍රහාරයට බොලිවුඩ් නිළි ශ්‍රද්ධාගේ සම්බන්ධයක්

1

පසුගිය දා බංග්ලාදේශයේ ඩකා අගනුවර අවන්හලකට එල්ලවුණ අයි.එස් ප්‍රහාරයෙන් විසිදෙනෙකුගේ ජිවිත අහිමි වුණා.

මේ ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයින් 6 දෙනාම බංග්ලාදේශ ජාතික අයි.එස් ත්‍රස්තයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අතර සිටි නිබ්‍රාස් ඉස්ලාම් යන ත්‍රස්තවාදියා මේ වන විට බොහෝ දෙනා අතර විශේෂ අවධානයකට ලක්වී තිබෙනවා. එසේ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මොහු හොඳින් ඉගෙන ගත් බුද්ධිමතෙකු බව සොයාගන්නට ලැබීමයි. එලෙසම මොහුගේ ෆේස් බුක් ගිණුම සොයා බැලීමේදී මෙවැනි ත්‍රස්ත ක්‍රියාවක් සිදුකල බවට සිතා ගැනීමටවත් නොහැකි බවයි බොහෝ දෙනෙකු පවසන්නේ.

පසුගිය කාලය පුරාවට මොහුගේ මනස අයි.එස් ත්‍රස්තයින් විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් පවසනවා.

මෙහිදී වඩාත් කැපී පෙනෙන කාරණාව වී ඇත්තේ මෙම පුද්ගලයා බොලිවුඩයේ ජනප්‍රිය නිළි ශ්‍රද්ධා කපූර්ගේ හොඳම රසිකයෙකු බව දැනගන්නට ලැබීමයි.

ඔහු ශ්‍රද්ධා කපූර් මුණගැසුණු අවස්ථාවකදී පළකරන ලද පණිවිඩයක්ද ඔහුගේ ෆේස් බුක් ගිණුමෙන් හමුවී තිබෙනවා.

කෙසේ නමුත් මේ වන විට ඔහුට අදාළ සියලුම සමාජ වෙබ් ජාල ගිණුම් අාරක්ෂක අංශ විසින් අවහිර කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!