Gossip

 ශ්‍රී ලංකාව සහභාගී වන ශූරයන්ගේ තරඟාවලියටත් ISIS තර්ජන  

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශනයකට  IS ත්‍රස්තයින් විසින් පසුගිය දා ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී පුද්ගලයින් 22 කු පමණ ජීවිතකෂයට පත්වූ අතර විශාල ප්‍රමාණයක් තුවාල ලැබුවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාංගණවල ආරක්ෂාව තරකර තිබෙනවා.

එයට හේතු වී ඇත්තේ ගූරයන්ගේ ක්‍රිකට් තරඟාවලිය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බැවිනි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය පවා මෙම තරඟාවලියේ තරඟ පවතින ක්‍රීඩාංගණ  සඳහා ආරක්ෂාව තර කරන ලෙස එංගලන්තයේ ක්‍රිකට් බලධාරීන්ව දැනුවත් කර තිබේන බවටද වාර්තා වෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමද මෙම තරඟාවලිය සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!