Gossip

IS සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ, ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූපය මෙන්න – Photos

පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්‍රහරවල සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙකුගේ ඡායාරූපයක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

IS සංවිධානයේ AMAQ ප්‍රවෘත්ති සේවය මඟින් මෙම ඡායාරූපය ප්‍රසිද්ධ කර ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සදහන්.

මෙම ඡායාරුපයේ සිටින 8 දෙනාගෙන් 7 දෙනෙකු තම මුහුණු ආවරණය කර ගෙන සිටිය අතර එක් පුද්ගලයෙක් තම මුහුණ ආවරණය කර නොමැති අතර අදාළ පුද්ගලයා මෙම ප්‍රහාරයේ මහ මොලකරු වන සාරාන් හෂීම් නැමත්තා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය පාස්කු ඉරිදා දිවයිනේ දේවස්ථාන සහ හෝටල් සංකීර්ණ ඉලක්ක කර ගනිමින් සිදුවූ ප්‍රහාර මාලාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර විදෙස් ජාතිකයින් 38 දෙනෙකු වන බව වාර්තා වනවා.

මේ අතර ප්‍රහාර මාලාවෙන් විදෙස් ජාතිකයින් 19 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 500ක පමණ පිරිසක් තුවාල ලැබූ අතර ඉන් 375 දෙනෙකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සදහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!