Gossip

ඉරානය යුරෝපයට අනතුරු අගවයි

යුරෝපය ඉරානයට තර්ජනය කළහොත් මිසයිලවල පරාසය වැඩි කරන බව ‘ඉරාන විප්ලවීය ආරක්ෂක බලාකායේ’ දෙවැනියා ප්‍රකාශ කර ඇතැයි එරට ‘ෆාර්ස් පුවත් සේවය’ වාර්තා කරයි.

යුරෝපය දිගින් දිගටම ඉරානයට තර්ජනය කළහොත් ඉරානය අත්හදා බලන මිසයිල ගමන් ගන්නා පරාසය කිලෝමීටර 2,000 දක්වා වැඩි කරන බව ද ‘ඉරාන විප්ලවීය ආරක්ෂක බලාකායේ’ දෙවැනියා ප්‍රකාශ කර  තිබේ. සම්මුතියකින් තොරව ඉරානය සමඟ ඔවුන්ගේ බැලැස්ටික් මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු යැයි ප්‍රංශය ප්‍රකාශ කර ඇත. එමෙන්ම එම සාකච්ඡා 2015 වසරේදී ඉරානය ලොව බලවත් රටවල් 6ක් සමඟ අත්සන් තබන ලද න්යෂ්ටික ගිවිසුමට පිටස්තර සාකච්ඡාවක් විය යුතු බව ද ප්‍රංශය තවදුරටත් සඳහන් කර ඇත.

එහෙත් මිසයිල වැඩසටහන තම ආරක්ෂාව වෙනුවෙන් කරන්නක් බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් අවශ්‍ය නැතැයි ඉරානය ප්‍රකාශ කරයි.
“අපි අපේ මිසයිල කිලෝමීටර 2,000 සීමාවේ පවත්වාගෙන යන්නේ තාක්ෂණය නැතිකම නිසා නෙමෙයි. උපායමාර්ගිකව කටයුතු කරනවා” යැයි බි්රගේඩියර් ජෙනරාල් හුසේන් සලාමි උපුටා දක්වමින් ‘ෆාර්ස්’ පුවත් සේවය වාර්තා කර තිබිණි.
“යුරෝපය තර්ජනයක් කියලා අපට මෙතරම් කාලයක් දැනුනේ නැහැ. ඒ නිසා අපි මිසයිල ගමන් ගන්නා පරාසය වැඩි කළේ නැහැ. එහෙත් යුරෝපය තර්ජනයක් වුණොත්, අපි මිසයිල පරාසය වැඩි කරනවා” යැයි ද හුසේන් සලාමි තවදුරටත් කීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!