Gossip

ක්ලියෝපැට්රා වීඩියෝවට වැඩිපුර හොට් සීන් දාලා ඉරාජ් වැඩ වරද්දා ගත්තේ මෙහෙමයි

ඉරාජ් වීරරත්නගේ අලුත්ම වීඩියෝ එක තමයි ක්ලියෝපැට්රා කියන්නේ.

ඉරාජ් මීට කළින් කරපු වීඩියෝ පැය 24ක් වෙනකොට Trending No.1 ගැනීමට ඔහුට පුළුවන් වුණා.

නමුත් මේ ක්ලියෝපැට්රා වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරලා පැය 24කට අධික කාලයක් ගත වුණත් සින්දුව Trending No.1 ඇවිත් නෑ.

මේ සිංදුවට හිතපු තරම් වීව්ස් ආපු නැති එක ගැන සමාජජාල මාධ්‍යයන්වල කට්ටියත් කතා වෙනවා.

ඒවගේම තමයි වීඩියෝ එක බලන්න උත්සාහ කරපු අයට බලාගන්න බැරිවුණු කතාවකුත් කියවුණා. මොකද වීඩියෝ එකට ”වයස අවුරුදු 18ට වැඩි අය වෙනුවෙන් පමණක් නැරඹිය හැකි වීඩියෝවක්” කියලා Youtube එකෙන් පුංචි තහනමක් ඇවිත් තියෙන නිසා.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 18+ වැඩි අයට පමණක් නැරඹිය හැකි වීඩියෝවක් Youtube Trending වලට එකතු වෙන්නේ නෑ. මේ තහනම වීඩියෝ එක Upload කරපු කෙනාටම පනවන්න පුලුවන් වගේම, කවුරු හරි Youtube නීතිමාලාවට එහා ගියපු වීඩියෝ එකක් Upload කලොත් ස්වයංක්‍රීයවම Youtube එකෙන් මේ වීඩියෝව 18+ වීඩියෝවක් විදියට නම් කරලා තහනමක් පනවනවා.

ඒ අවස්ථාවේ ඉඳන් Youtube එකේ නීතිමාලාවට අනුව මේ වගේ වීඩියෝවක් සාමාන්‍යයෙන් Youtube එකේ සැරිසරන කෙනෙකුට Recommended වීඩියෝවක් විදියට පෙන්වන්නේ නෑ, ඒ වීඩියෝව නරඹන්න නම් වයස තහවුරු කරන්නම වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් හැම විනාඩි 15කට සැරයක්ම වගේ විවිධ රටවල්වල වැඩිම පිරිසක් නරඹන්නේ මොන වීඩියෝද කියලා සෙවිල්ලෙන් ඉන්න Youtube එක ඉරාජ්ගෙ Cleopatra සින්දුව ලංකාවේ Youtube Trending වල තාමත් උඩට ගෙනැත් නැත්තේ ඔය හේතුව නිසා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

මේ තහනම නිසාම ගොඩක් දුරට වීඩියෝ එකෙන් මුදල් උපයන්නත් බෑ කියලා තමයි Youtube එකේ නීතිමාලාවේ සඳහන් වෙලා තියෙන්නේ.

ඉතින් මේ නීතිය ගැන දන්න කිහිපදෙනෙක් කියලා තිබුණේ Youtube එක ආදායම් මාර්ගයක් කරගෙන ඉන්න ඉරාජ් මේ පාරනම් වැඩිපුර හොට් සීන් දාලා වැඩේ වරද්දගෙන කියලා.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!