Gossip

“තමන්ගේ පුතාට එහෙම කරනවානම් අනිත් අයට කරන එක අහන්න දෙයක් නැහැනේ – ප්‍රවීණයෝ කුහකයි”

ඉරාජ් වීරරත්න කියන නමත් වික්ටර් රත්නායක කියන නමත් පසුගිය දවස්වල වැඩියෙන්ම අහන්න ලැබුණා.
ඒකට හේතුව තමයි ඉරාජ් කළ නිර්මාණය.
දැනුනා ගීතය හරහා ඉරාජ් වික්ටර් රත්නායකයන්ගේ ජීවිත කතාව නිර්මාණය කළා කියන සිද්ධියත් එක්ක සමාජයේ ලොකු කතාබහක් ඇතිකළා වගේම විරෝධතාද එල්ලවුණා.
මේ වීඩියෝව සම්බන්ධයෙන් වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනාද ඉරාජ්ට දෝෂාරෝපන් එල්ල කළා.
ඒ කොහොම වුණත් ජයන්ත රත්නායක මහතා ඉරාජ් වීරරත්න සමග කරන කතාබහක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
එහිදී සුහදව ජයන්ත රත්නායකයන් ඉරාජ් සමග කතාබහ කරන අතර එහිදී ජයන්ත රත්නායක මහතා පවසන්නේ ප්‍රවීණ ගායකයින් කුහක සිතුවිලි ඇති පුද්ගලයින් බවයි.
ප්‍රවීණයින් ඔවුන්ගේ දරුවන්ට පවා තමන්ගේ ගීත ගයනා කිරීමට නොදෙන බවයි ඔහු සදහන් කරන්නේ.
වැඩි දුටරත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ ප්‍රවීණයින් එලෙස සිදු කරන්නේ ඔවුන්ගේ තිබෙන බිය හේතුවෙන් බවයි.
මේ අතර ටික කලකට පෙර වික්ටර් රත්නායක මහතා, ජයන්ත රත්නායක මහතාට සහ ලෙලුම් රත්නායක මහතා හට තමන්ගේ ගීත ගායනා කිරීමට නිතියන් තහනම් කර ඇති බවටද විවිධ වෙබ් අඩවි වාර්තා කර තිබුණා.

අදාල වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!