Gossip

සල්ලි මල්ලකට කුසල් ජනිත් පෙරේරා පයින් ගසයි – රටට ආදරේ කුසල් ගත්තු තීරණය

අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් පිල වෙනුවෙන් ඩේවිඩ් වෝනර්ගේ ස්ථානය හිමිවුණේ කුසල් ජනිත් පෙරේරාටයි.
දිගින් දිගටම ශාරීරික ආබාධවලට මුහුණදුන් කුසල් ජාතික කණ්ඩායමට නැවතත් ඇතුල්වුණා.
බටහිර ඉන්දීය දූපත් සමූහයේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට එක්වීමේ බලාපොරොත්තුව නිසා කුසල් ජනිත් පෙරේරා අයි.පී.එල්. තරග සංචාරය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ බව කුසල්ගේ කළමනාකරු රවී ද සිල්වා තහවුරු කර තිබෙනවා.
“එයාට ලැබුණු අවස්ථාව ගැන හිතාගන්නත් බැරි වුණාලු. ඒත් එයාට ඕනෑ කරන්නේ ජාතික කණ්ඩායමේ ස්ථානයයි. ඒ නිසා එයා තමන්ගේ ස්ථානය තහවුරු කරගැනීම සඳහා අන්තර් පළාත් සිවුදින තරගාවලියට සහභාගි වෙනවා” යයිද රවී ද සිල්වා පවසා තිබෙනවා.
“එයා කොහොම වුණත් අඩුතරමේ සිවුදින තරගාවලියේ එක තරගයක් වත් ක්‍රීඩා කරාවි. විස්සයි-20, එක්දින වගේම ටෙස්ට් කියන ආකාර තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම එයාගේ අපේක්‍ෂාවයි”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!