Gossip

IPL ගහලා කෝටි ගණන් සල්ලි හොයපු සුපිරි ක්‍රීඩකයන්ගේ තොරතුරු හෙළි කරයි

IPL තරගාවලි සඳහා ක්‍රීඩා කර රුපියල් කෝටි ගණනින් මුදල් ඉපයූ ක්‍රීඩකයින් ගැන ඉන්දීය මාධ්‍ය හෙළිකර තිබෙනවා.
මෙම හෙළිදරව්ව අනුව රුපියල් කෝටි 240 කට වැඩි මුදලක් උපයා ඇත්තේ ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි සහ රෝහිත් ෂර්මායි.
ඉන්දීය රුපියල් කෝටි 50 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.2 වැඩි මුදලක් ඉපයූ ක්‍රීඩකයන් රැසක් හෙළිකර තිබෙනවා.
ඒ අතර විරාත් කෝලි, යුවරාජ් සිං, ගෞතම් ගම්භීර්, සුරේෂ් රයිනා, රොබින් උතප්පා, ශිකර් ධවාන්, රවින්ද්‍ර ජඩේජා, දිනේෂ් කාර්තික් සහ හර්බජාන් සිං එම මුදල් ඉපැයූ ඉන්දීය ක්‍රීඩකයින් අතර වනවා.
සුනිල් නරයින්, ක්‍රිස් ගේල්, කිරාන් පොලාඩ්, ඩේවිඩ් මිලර්, ඒ.බී. ඩි විලියස් සහ ෂේන් වොට්සන් විදෙස් ක්‍රීඩකයන් ලෙස නම් කර තිබුණා.
ඉන්දීය රුපියල් කෝටි 69.5ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 166ක් උපයමින් වැඩිම මුදලක් ඉපැයූ විදෙස් ක්‍රීඩකයා වන්නේ ඒ.බී. ඩි විලියස්.
ලසිත් මාලිංග තරගාවලි රැසකට ක්‍රීඩා කළත් මෙම පිරිස අතරට එක්වීමට ඔහුට හැකිවී නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!