Gossip

හිටපු ජනපති මහින්දගේ නායකත්වයෙන් ලබාගත් පොහොට්ටුවේ බලය ගිලිහෙයි

හලාවත ප්‍රාදේශීය සභාවේ බලය හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතරය පෙන්වීමට නොහැකිවීම හේතුවෙන් සභාපතිවරයා ගෙන ආ මංගල යෝජනාව පරාජයට පත් වීම හේතුවෙන් සභාව ඉදිරියට කරගෙන යාමේ ගැටළු මතුව තිබෙනවා.

හලාවත ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම ( 11 ) මාදම්පේ පිහිටි හලාවත ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයෙදී පැවතී අතර
එහිදී නව සභාපතිවරයෙකු පත් කර ගත් යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ම ඉදිරිපත් වී තිබුණා.

හලාවත ප්‍රාදේශීය සභාවේ සභිකයන් ගණන 31 ක් වන අතර ඉන් 16 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවේ.

එක්සත් ජාතික පක්ෂය සභිකයන් 10 ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභිකයන් 03 දෙනෙකු හිමිකරගෙන සිටි.

ජනතා විමුක්ති පෙරමුණ හා සම සමාජ පක්ෂය එක සභිකයෙකු බැගින් හිමි කරගෙන සිටි.

සභාපති හා උපසභාපති පත් කර ගැනීමේදී පක්ෂය නිවැරදි නොවූ බව මේ වන විට සභාපතිවරයාට සහය පල කර තිබෙන සංජිව තිසේරා මහතාද පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර ජන්ද ලබා ගත් සභිකයන් දෙදෙනෙකු සමග එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය , සමසමාජ පක්ෂය සභාපතිවරයා ගෙන ආ යෝජනාවට විරුධව ජන්දය පාවිච්චි කරන ලදී.

මේ අනුව ප්‍රාදේශීය සභාවේ පාලනය පිළිබඳ තීරණ ගැනීම සඳහා පොදු කාරක කමිටුව සඳහා සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රංග පෙරේරා මහතා ඇතුළු සියලු පක්ෂ නියෝජනය වන පරිදි පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ගැනීමටද සභාපතිවරයාට විරුද්ධ කණ්ඩායමට හැකි වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!