Gossip

Instagram භාවිතා කරනවනම් මේ දේවල් දැනගන ඉන්න

Face book වගේම Instagram කියන්නෙත් මේ වෙනකොට හැම කෙනාම වගේ භාවිතා කරන සමාජ ජාලා මාධ්‍යක්.
ඒ වුණත් Instagram භාවිතා කරන බොහොමයක් දෙනා මේ පිළිබදව වැඩි අවබෝධයකින් නෙවෙයි භාවිතා කරන්නේ.
එදිනදා Instagram භාවිතා කරනවානම් මේ දේවල් දැනගන ඉන්න එක හැම කෙනෙක්ටම වැදගත්.
Instagram වල පුද්ගලයකුගේ account එකක් unfollow කරන්නේ නැතිව mute කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.
උදාහරණයක් වශයෙන් තමන්ගේ friend list ඉන්න සමීපතමයෙක් තමන් අකමැති විදිහේ හෝ කරදරකාරී ලෙස post share කරනවා.
තමන් ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒත් ලොකුම ප්‍රශ්ණය තමයි කෙනෙකුට තමන්ගේ යහළුවෙක් unfollow කරන්න හැකියාවක් නැතිවීම.
එයින් සිදු වෙන්නේ දෙදෙනා අතර අමනාපකම් ඇතිවීමයි. ඒ වාගේම තවත් පාර්ශවයක් ඉන්නවා තමන් අකමැති කෙනෙක් හිටියත් unfollow කරන්නේ නැත්තේ තමන්ට ඉන්න followers ලා ප්‍රමාණය අඩුකරගන්න අකමැති වීමයි.
Instagram ඉන්න බහුතරයක් දගලන්නේ තමන්ගේ followers ලා ප්‍රමාණය වැඩිකරගන්නනේ. කොහොම වුණත් මේ කාට කාටත් ගැළපෙන විසදුමක් විදියට අදාල පාර්ශවයේ Instagram account එක mute කිරිමේ හැකියාව ලබා දී තිබෙනවා.

ඔයාට කරන්න තියෙන්නේ ඉතාම සරල දෙයක්.

1. ඔයාගේ Instagram account යන්න. ඊට පස්සේ ඔයාට mute කිරීමට අවශ්‍ය පුද්ගලයගේ account එක සොයාගන්න.
2. එම ගිණුමේ දකුණු පස ඉහළ කෙලව‌රේ dots තුනකින්/ iso user කෙනෙක්නම් gear icon එකකින් යුතු පිවිසුමක් දක්නට ලැබෙනවා. එයට පිවිසෙන්න.
3.එහි mute යනුවෙන් තවත් පිවිසුමක් ඔබට ලැබෙයි. එයට පිවිසීම මගින් විකල්ප කිහිපයක් ඔබට ලබා දෙයි. අදාල පුද්ගලයාගේ post, stories හෝ post සහ stories mute කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා.
මොනයම් හේතුවකට හෝ ඔයාට එම පුද්ගලයාව un-mute කිරීමට අවශ්‍ය වූහොත් එයත් ඉතාම සරල දෙයක්. එම පුද්ගලයාගේ ගිණුමේ දකුණු පස ඉහළ කෙලව‌රේ dots තුනකින් යුතු පිවිසුම හරහා un-mute කරගැනීමේ පහසුකම ඔබට ලැබෙනවා.

ඔයා කැමතිම කෙනාගේ Instagram account සිදුවන දේවල් එසැනින් දැනගැනීමට අවශ්‍යනම්,

1. අදාල පාර්ශවයේ ගිණුමට පිවිසෙන්න.
2. එම ගිණුමේ දකුණු පස ඉහළ කෙලව‌රේ dots තුනකින්/ iso user කෙනෙක්නම් gear icon එකකින් යුතු පිවිසුමක් දක්නට ලැබෙනවා. එයට පිවිසෙන්න.
3. එහි ඇති Turn on post notifications විකල්පය තෝරාගන්න.

එවිට ඔබට හැකියාව ලැබෙනවා ඔයා කැමතිම Instagram account එකේ තොරතුරැ ඒ විගසින්ම දැනගන්න.
ගොඩක් දෙනෙක් කාලයක් යනවිට තමන් තමන්ගේ Instagram account එකේ තිබෙන පරණ post අයින් කරන්න පෙළ‌ඹෙනවා.
හැබැයි post delete කරන්නේ නැතිව archive කිරීමේ හැකියාව Instagram හරහා ලබා දී තිබෙනවා.
එයින් අදහස් කරන්නේ තමන්ගේ ගිණුමෙන් එම post ස්ථිර ලෙස අයින් කරන්නේ නැතිව වෙනම තැනක ගබඩා කිරීමේ හැකියාව තිබෙනවා. එසේ සිදුකිරීම මගින් වෙනත් කෙනෙක් ඔබේ ගිණුම පරීක්ෂා කිරීමේ දී ඔබ archive කල post දැකගැනීමේ හැකියාවක් නැහැ.
ඔබාට archive කිරීමට අවශ්‍යනම් මේ පියවර අනුගමනය කරන්න.

1. ඔබේ ගිණුමේ ඔබට අයින් කිරීමට අවශ්‍ය post එක select කරන්න.
2. එම post එකේ දකුණු පස ඉහළ කෙළව‌රේ ඇති dots තුනකින් සමන්විත සංඛේතයට පිවිසෙන්න. එහි archive ලෙස දක්නට ලැබෙවි. එය select කරන්න.
3. ඔබට archive කළ post බලාගැනිමට අවශ්‍යනම් ගිණුමේ දකුණු පස ඉහළ කෙලව‌රේ ඇති archive icon එක select කරන්න.
ඒමෙන්ම එම archive කළ post නැවත ගිණුමට එක්කිරීමට අවශ්‍යනම් show on profile select කිරීම මගින් නැවත ගිණුමට එක්කර ගැනීමේ හැකියාව ලැවෙනවා.

ඔබත් Instagram භාවිතා කරන කෙනෙක් නම් මේ දේවල් පිළිබදව අවබෝධයකින් ඉන්න එක ඔයාට ගොඩක් වැදගත් වේවි.
රැල්ලට අනුව සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරනවාට භාවිතා කරන්නේ නැතිව තේරැමකි ඇතිව අවබෝධාත්මකව භාවිතා කරන්න පුරැදුවෙන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!