Gossip

මෝදි සමඟ ඉන්දියාවේ Black Cats කමාන්ඩෝ බටයින් 600ක් දිවයිනට

ජාත්‍යන්තර වෙසක් සැමරුම වෙනුවෙන් අද දිවයිනට පැමිණෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව වාර්තා වෙනවා

මේ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා කිහිපයක්ද හැටන් ප්‍ර දේශයේ ගුවනේ සැරිසරණු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් ඉන්දීය අගමැතිගේ ආරක්ෂාව තවත් තර කරමින් නරේන්ද්‍ර මෝඩි මහතා සමඟ ඉන්දීයාවේ ක්‍රියාත්මක වන හොඳම හමුදා බලඇණියක් වන Black Cats (කලු බළලා) නම් බල ඇණියේ 600 දෙනෙකු ලංකාවට පැමිණිමට නියමිත බව වාර්තා වෙනවා.

ඉන්දීය අගමැතිවරයා ලංකාවේ රැඳී සිටිනුයේ පැය 24ටත් අඩු කාලයක් වන අතර එම කෙටි කාලය තුළ නරේන්ද්‍ර මෝදී මහතාට මේතරම් ආරක්ෂාවක් සැපයීම සම්බන්යෙන් දැඩි කතාබහකට ලක්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!