Gossip News

වන්දනාවට ඉන්දියාවේ ගිය 1200ක් හිරවෙයි

දඹදිව වන්දනාවේ ගොස් දැනට ඉන්දියාවේ රැඳී සිටින වන්දනාකරුවන් එක්දහස් දෙසීයක් මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ චෙන්නායි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විදේශ සබඳතා සහ බුද්ධශාසන අමාත්‍යාංශය එක්ව කටයුතු සූදානම් කරමින් සිටියි.

වන්දනා නඩ විසි දෙකක පිරිසක් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින අතර මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසුවත් විශේෂ ගුවන් යානා චෙන්නායි සහ නවදිල්ලි ගුවන් තොටුපොළවල් වෙත යවා මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.

මෙලෙස පැමිණෙන පිරිස අනිවාර්යයෙන්ම නිරෝධායන සඳහා යොමු කරන බව යුද්ධ හමුදාපතිවරයා ඊ​යේ (17 පැවැති) මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!