Gossip News

ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් රුපියලේ අගය අඩුවෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට මූල්‍ය ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් රුපියල අවප්‍රමාණය වීම ඊයේ (17 වැනිදා) දිනයේ වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික වාර්තාවන්ට අනුව ඊයේ දිනයේ ඇමරිකන් ඩොලරයක ගැනුම් මිල රු. 182.57ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු. 186.66ක් ලෙසිනි.

මෙය ඇමරිකානු ඩොලරය වෙනුවෙන් ගැනුම් මිල රු. 182 සහ විකුණුම් මිල රු. 186 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාවයි.

මේ අතර ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය (India cative us dollar SPOT Exchange Rate) රු. 183.69ක් ලෙස සටහන් විය.

එයද රු. 183 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!