තරු හුට පට

තරුණියකගෙන් මැරුම් කෑවොත් අයි.එස් ත්‍රස්තයින්ට දෙවියන් මුණ ගැසෙන්න බැරිලු

01 10

ලොව අංක එකේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකු එල්.ටී.ටී.ඊ සංවිධානයට අනතුරුව මේවන විට සමස්ත ලෝකයටම තර්ජනයක් වී ඇත්තේ අයි.එස්.අයි.එස් ත්‍රස්තයින් බව හඳුනාගෙන තිබෙනවා. කොහොම වුණත් අයි.එස් ත්‍රස්තයින් පවා එක්තරා තරුණියන් පිරිසක් දුටුවාම බියෙන් තැතිගන්නවා කියලා දැන් පිළිඅරන්.

ඒ වෙන කවුරුත් නෙවෙයි අයි.එස් ත්‍රස්තයින්ට එරෙහි කුර්දි හමුදා බල සේනාංකවල ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරී කරන තරුණියන්ටයි. අයි.එස් ත්‍රස්තයින් පවසන ආකාරයට මෙම තරුණියන් දැක්කාම ඔවුන් වෙව්ලනවාලු. හේතුව විදියට කියන්නේ කාන්තාවක් අතින් මරණයට පත්වීම තුළින් තමන්ට දෙවියන් හමුවීමට ඇති අවස්ථාව නැති වෙනවා කියලයි. ඒ හේතුවෙන් කාන්තාවන්ගේ ප්‍රහාර හමුවේ දැඩි ලෙස සැඟවී සිටීමට සිදුවෙලා කියලා අයි.එස් ත්‍රස්තයින් කියනවා

1 Comment

1 Comment

  1. modaya

    December 11, 2015 at 2:51 am

    මුන්ගෙ මොලේ කැලි අරන් දාල තියෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!