Gossip

පිස්සෝ වගේ හැසිරිලා යක්කු වගේ පිටිය මැද මායම් වුණු බංගලියන්ට වැඩ වරදී – ICC ය කරන්න යන දේ මෙන්න

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ තීරණාත්මක තරගය බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවැත්වුණා.
මෙම තරගය බංග්ලාදේශය ජයගත් අතර තරගය අතරතුර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ආරම්භ කර තිබෙනවා.
කණ්ඩායම් දෙක අතර ඇතිවුණු උණුසුම්කාරී තත්ත්වය මැද බංග්ලාදේශ ක්‍රීඩකයන් විනිසුරුවන්ටද විරෝධය දක්වමින් හැසිරුණා.
තරගය අවසන් කිරීමට පන්දු දෙකක් තිබියදී නිපන්දුවක් ලබා නොදුන් බව පවසමින්ද විරෝධය පා පිතිකරුවන් ක්‍රීඩාගාරය වෙත කැදවීමට නායක ශකීබ් අල් හසන් උත්සහක නිරත වුණා.
කෙසේ වෙතත් අවසානයේ බංග්ලාදේශය ජයගත්තද එය අපසාදජනක ජයක් බවයි ප්‍රේක්ෂකයන් පැවසුවේ.
පසුව ජය සමරමින් ක්‍රීඩා විවේකාගාරයේ වීදුරුද බිද අලාභ හානි සිදුකර තිබුණා.
මේ සියලු දේ සම්බන්ධයෙනුයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!