Gossip

චිත්‍රපට බලන්නට ඉල්ලා විරෝධතාවයේ නිරත වන මිනිස්සු

චීන රජයට එරෙහිව එරට වැසියන් ආරම්භ කළ විරෝධතා මාලාව හමුවේ එම ජනතාවගේ නිදහස් සිතුම් පැතුම් ඉස්මතු වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැඩි කොරෝනා රෙගුලාසිවලට එරෙහිව ආරම්භ වූ විරෝධතා මාලාව තුළින් චීන වැසියන් සිය අනෙකුත් ඉල්ලීම් ද මතු කරමින් සිටින බව ද එම වාර්තා පෙන්වා දෙයි.

කොරෝනා ව්‍යාප්තිය සමග චීනයේ සිනමා කර්මාන්තය දැඩි ලෙස කඩා වැටීමට ලක්වූ අතර කොරෝනා රෙගුලාසි හේතුවෙන් සිනමාශාලාවලට ඇතුලු වීමට චීන වැසියන්ට අවසර හිමිවූයේ නැහැ.

එහෙත් ඉකුත්දා ආරම්භ වූ විරෝධතා මාලාව හමුවේ සිනමාශාලා යළි විවෘත කරන ලෙසට ඉල්ලමින් පවත්වන විරෝධතා රැල්ලක් ද චීනය තුළ හිස ඔසවමින් ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඉකුත්දා පැවැති මහජන විරෝධතා මධ්‍යයේ ඇතැම් පිරිස් සිනමාශාලාවලට යාමට අවශ්‍ය බව හැගවෙන පරිදි සටන්පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් හා හඩ නගමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව මේවනවිට චීන වැසියන් අතර “I Wanna See a Movie” යනුවෙන් වැකියක් ප්‍රචලිත වෙමින් ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද එය සංසරණය වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

I wanna See a Movie ලෙස විරෝධතාකරුවන් හඩ නගන අයුරු දැක්වෙන වීඩියෝ WeChat ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් ඇති අතර සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශව මෙන්ම සිනමාශාලා ද ඊට පූර්ණ සහය ලබාදෙන බව ද වාර්තා වෙයි.

කොරෝනා වසංගතය හමුවේ චීනයේ සිනමා කර්මාන්තය බරපතල ලෙස කඩා වැටුනු අතර 2019 වසරේ සිට එම කර්මාන්තය සියයට 50 ක ප්‍රතිශතයකින් පහත වැටී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!