Gossip

රිතික් රෝෂන් උපන්දිනය වෙනුවෙන් ඇස් දෙක දන්දෙයි

sh

බොලිවුඩ් නළු රිතික් රෝෂන් තමන්ගේ ඇස් දන් දුන් ආරංචියක් දැනගන්නට ලැබුනා.

කොහොමවුනත් රිතික් ඔහුගේ 43 වැනි උපන්දිනය යෙදිලා තිබුණු පසුගිය 10 වැනිදා තමයි මේ ගැන හිතලා තියෙන්නේ.

ඒ අනුව ආදිත්‍ය ජියෝත් අක්ෂි රෝහලේ අයිතිකරු වන වෛද්‍ය එස්. නටරාජන් හමුවෙලා මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා.

මේ ආරංචියෙන් පුදුමයට පත්වූ වෛද්‍යවරයා කියලා තියෙන්නේ කාබිල් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය දුටු විගස තමන් ඔහුගේ පියා සමග කතා කළ බවත් රිතික් ඊට පෙරම එය සැලසුම් කර තිබීම සතුටට කරුණක් කියලයි.

මේ දිනවල තිරගතවන කාබිල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන රිතික් උපතින්ම අන්ද තරුණයෙකු විදියට රංගනයෙන් දායකවීමත් සුවිශේෂී සිද්ධියක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!