Gossip

අඩුම මිලට දෙන හොන්ඩා මෝටර් රථය ලබන මාසයේ වෙළෙඳපොළට

පසුගියදා එළිදක්වන ලද සිය නවතම නිෂ්පාදිතය වූ හොන්ඩා City 2017 මෝටර් රථයෙන් පසු තවත් සුපිරි මෝටර් රථ අත්දැකීමක් ලබා දීමට හොන්ඩා සමාගම ඉදිරිපත් වී සිටී.

මේ අනුව රාජස්තානයේ, ටපුකාරා කර්මාන්තශාලාවේ දී නිෂ්පාදනය කෙරෙන Honda WR-V මෝටර් රථය ලබන මාර්තු 16 වන දා ඉන්දීය වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතය.

හොන්ඩා නාමයෙන් එන කුඩාම මෝටර් රථය වන මෙය hatchback crossover මාදිලියට අයත් මෝටර් රථයක් ලෙසින් සමාගම විසින් හඳුන්වනු ලබයි.

පසුගිය වසරේ බ‍්‍රසීලයේ සාවෝ පාවුලෝ මෝටර් රථ ප‍්‍රදර්ශනයේ දී පළමුවරට මෙම රථය එළිදැක්වුණු අතර එම වසරේ දීම ඉතා ඉක්මනින් මෙය ඉන්දීය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලබන බවට ඉඟි පළ විය.

මේ හා සමාන මාදිලියේ මෝටර් රථ මාදිලිවන Ford EcoSport, Maruti Suzuki Vitara Brezza, Hyundai i20 Active හා Toyota Etios Cross සඳහා ඉතා ඉහළ තරඟාකාරීත්වයක් ලබා දීමට Honda WR-V සමත්වනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඉන්දියානු මුදලින් රුපියල් ලක්ෂ 7 ත් 10 ත් අතර මිලකට මෙය මිල දී ගත හැකිවනු ඇත.

උපුටා ගැනීම  adaderanabiz

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!