Gossip

කතරගම පුදබිම ලෝකයට ගෙන යන අහස් යන්තරේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අළුතින්ම එක් වුණු එයාර්බස් A320 neo ගුවන් යානය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩ සටහනක්  අද කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රවයේදී පැවැත්වුණා.

කොහොම හරි මේ පරීශ්‍රවය තුළ රැඳී සිටි වෙබ් ගොසිප්  අපට කිසිවෙකුට ඇස නොගිය තැනක් සම්බන්ධයෙන් අපුරු දෙයක් දැකගන්න ලැබුණා. ඒ නඩත්තු කටයුත්තක් වෙනුවෙන් නවතා තිබු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් සම්බන්ධයෙන්.

ගුවන් යානා නම් ඉතින් ගුවන් තොටුපොළේ නතර කරන්නේ නැතුව කොහේ නතර කරන්නද? ඒක නිසා මේ කියන්න යන්නේ එහෙම සිද්ධියක් ගැන නෙවෙයි.

මේ ගුවන් යානයේ ඉදිරිපස ප්‍ර දේශය අශ්‍රීතයේ ගහලා තිබුණා අපුරු නමක්. එකේ ගහලා තිබුණෙ “City of Kataragama“ (කතරගම නගරය) යන්නයි.

අපි ඒ ගැන ටිකක් ඒ හරියේ හිටිය දන්න කියන නෙනෙකුගෙන් ඇහුවා. ඇයි මෙහෙම නමක් දාලා තියෙන්නේ කියලා.

එයා නම් කිව්වේ ලංකාවේ පෛරාණික තැන් ඒ වගේම විදේශ සංචාරකයින්ගේ ඇස යන ඇතැම් තැන් වල ප්‍රවර්ධන කටයුතු සඳහා මේ විදියට ගුවන් යානා වලට නම් දමා ඇති බවයි.
නමුත් මේ නම් ගුවන් යානයේ  නිල නාමය නම් නෙවෙයිලු. සුරතල් නාමය කියලයි කියන්නේ.

මේ විදියට City Of Magampura, City Of Anuradhapur වගේ නමුත් මේ වගේ ඇතැම් ගුවන් යානා වලට යොදලා තියෙනවා කියලයි දැනගන්න ලැබුණේ.

කොහොම හරි ඉතින් මේ විදියට ගුවන් යානා වලට සුරතල් නම් යොදලා තියෙන එකනම්හොඳ වැඩක් කියල අපිටත් තේරෙනවා. මොකද එතකොට අපේ රටේ නගර වලටත් ප්‍රවර්ධන කටයුතු වලින් ඉහළ වටිනා කමක් එනවනේ.

kataragama-flight

2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!