Gossip

අවුරුදු දහයකින් ආපස්සට යන්න මේ දේවල් මුහුණේ ආලේප කරන්න

1111

කාන්තාවෝ ගොඩක් කැමතියි හැමදාම තම තරුණ පෙනුම ආරක්ෂා කර ගන්න. මේ සදහා කාන්තාවෝ නොකරන දෙයක් නෑ. ඒ නිසාම කාන්තාවන් මිල අධික කෘතීම නිෂ්පාදන වලට යොමු වෙන ගතිය වැඩියි.

එත් තරුණ පෙනුම හැමදාටම ආරක්ෂා කර ගැනීම කියන කාර්යය සාර්ථක කර ගත හැක්කේ ස්වාභාවික දේවල් වලින් සකසන රුපලාවන්‍ය සත්කරයකින් පමණයි. මේ ඔබව දැනුවත් කරන්නේ ලොව බොහෝ කාන්තාවන් අති සාර්ථක ලෙස භාවිතා කරන බලසම්පන්න 100% ක්ම ස්වාභාවික රුපලාවන්‍ය සත්කාරයක් ගැන. ඔබ සතියකට සැරයක් හෝ මෙය සිදු කර ගත හොත් ඔබේ පෙනුම වසර 10කින් ආපස්සට හරවා ගන්න පුළුවන්.

අවශ්‍ය දේ

කෙසෙල් ගෙඩි භාගයක්
යෝගට් 1 කට එක්කරගත්  ඕට්මිල් මෙසහැදී 3ක් මෙය ඔබට සුපිරි වෙළඳ සංකීර්ණ වලින් මිලදී ගන්න පුළුවන්
මීපැණි මේස හැන්දක්.
බිත්තර 1ක්

කෙසෙල් ගෙඩිය පොඩිකර එයට බිත්තරය, මීපැණි යෝගට් සහ  ඕට්මිල් එකතුකර මිශ‍්‍ර කර ගන්න.

මුහුණ හොදින් පිරිසිදුකර ඔබ හදාගත් මිශ‍්‍රණය අලේප කර විනාඩි 15ක් සිටින්න.

සැම වර්ගයකම සමකට මෙම ආලේපනය සුදුසු වගේම දිනපතා පාවිච්චි කරන්නත් පුළුවන්. ප‍්‍රතිපල දින කීපයකින් දැක ගන්න පුළුවන්.

ගුණ

කෙසෙල් අන්තර්ගත ගුණ සම පෝෂණය කරයි. සම රැුලි වැටීමද වලක්වනබව පර්යේෂණ වාර්තා සදහන් කරයි.

මීපැණි සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.

යෝගට් සහ  ඕට්මීල් ලැක්ටික් අම්ලය මගින් වියලි සම ඉවත්කිරීමට උදවු වෙයි.

කෘතීම දේවල් කියන්නේ මිනිස් සිරුරට කෙටි කාලිනව හෝ දිගු කාලීනව අනිවාර්යයෙන්ම හානි පමුණුවන දෙයක් පමණයි. එම නිසා නිරතුරුව මෙවැනි ස්වාභාවික ප‍්‍රති කර්මයන් ගැන ඔබේ විශ්වාසය තබන්න.

 

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!