Gossip

ශත 75 ක් අරගෙන කොළඹ ඇවිත් ජීවිතය දිනූ නවලෝක මුදලාලිගේ කතාව

සුල්තානගොඩ කළු මහත්තයා නොහොත් හේවා කොමනගේ ධර්මදාස මහත්තයා ගැනයි ගැනයි මේ කියන්න යන්නේ.
එහෙම කිව්වට කාගෙවත් මතකයට එන එකක්නම් නෑ.. එහෙනම් මෙහෙම කියමු ,එච් .කේ .ධර්මදාස නොහොත් ” නවලෝක මුදලාලි ”
(මේ ඉන්නේ අපේ කාලයේ චුල්ල සෙට්ටි සිටුතුමා කිව්වොත් වැරදි නැහැ )
1920 ජුනි මස 20 වෙනිදින මාතර සුල්තානගොඩ වරකපිටිය වත්තේ ජන්ගිරිස් අප්පුහාමිටත් මද්දුම හාමිනේටත් ලැබුණු පුත්‍ර රත්නය වන මෙතුමාට ගමේ අය ආදරේට කිව්වේ කළු මහත්තයා කියලයි ,ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ හැදී වැඩුණු මෙතුමා පසුකාලීනව කෙතරම් ඉහලට ගියත් එම ගැමිසුවදනම් අමතක කලේ නෑ ,
කළු මහත්තයාට වයස 13 ක් වෙනකොට සිද්ද උණු පියාගේ වියෝව මෙතුමාගේ ජීවිතයේ හැරුම් ලක්ෂය වෙනවා ,පියාගේ අවසන් කටයුතු වලින් පසුව තමා සතුව තිබු සත 75 ක මුදලත් ඇදුම් කඩමාලු කීපයත් පත්තර කැබැල්ලක දවටා ගන්නා මෙතුමා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි තමන්ගේ අනාගතය සරි කරගැනීම සදහා කොළඹ එනවා ,
කොළඹ ඇවිත් මාතර වෙළෙන්දෙකු වන පියදාස මුදලාලි හමුවීමට යන මෙතුමා එහිදී තමන්ගේ අරමුණු ඉෂ්ට නොවන බව දැන පසුදාම සදලංකාව ප්‍රදේශයේ සිටින තම පියාගේ හිතවතෙකු වන මනම්පේරි මුදලාලි හමුවීමට ගොස් එහි වසර දෙකක් පමණ සේවය කරනවා ,නැවතත් කොළඹ පියදාස මුදලාලි හමුවට ඇවිත් එහිත් තව වසර දෙකක් පමණ සේවය කරනවා ,
මෙම කාලය තුල විශාල ප්‍රමාණයක් වෙළෙන්දන් හදුනා ගැනීම මත කළු මහත්තයා තීරණය කරනවා තමන්ගේම වෙළදාමක් ඇරඹීමට.
එහිදී ඔහු තමන්ගේ වෙළදාම ඇරඹීමට තෝරාගන්නේ පෑලියගොඩ ප්‍රදේශයයි ,පසුකාලේයෙදී ඔහු ප්‍රකාශ කල ආකාරයට ඔහු එම තීරණය ගත්තේ කොළඹට එන සියලුම කරත්ත පාහේ කොළඹට ඇතුළුවෙන්නේ පෑලියගොඩ හරහා නිසයි.
මේ කාලයේ තමන්ගේ අනාගත සහකාරිය තෝරාගන්නා කළු මහත්තයා විවාහ දිවියට එළබෙන්නේ තමන් දිවා ආහාරය ලබාගන්න අවන්හල පවත්වාගෙන ගිය මීලින් නෝනා සමගයි.
මීලින් නෝනාගේ සහෝදරයින් මුලින් මෙම කටයුත්තට අකමැත්තක් දැක්වූවත් පසුව එකග වෙනවා.
විවාහය කළු මහත්තයාගේ ජීවිතයේ නව පිටුවක් පෙරලුවායයි කිව්වොත් වැරදි නැහැ.
කළු මහත්තයා තමන්ගේ තේ , පොල් , රබර් වෙළදාම සිදුකරන අතරේ මීලින් නෝනා තමන්ගේ අවන්හලේ කටයුතු කරගෙන යනවා.
මේ කාලෙදී තමන්ගේ වෙළදාම තවදුරටත් පුළුල් කරන කළු මහත්තයා ලී වෙලදාමටත් අත තබනවා ,කොන්ත්‍රාත් කටයුතු වලටද අත ගහන කළු මහත්තයා අවන්හලේ කටයුතු සීමා කිරීමට තීරණය කරන්නේ ගවමස් කෑම සහ මත්පැන් පානය තමන්ගේ ආගම දහමට එකග නොවන නිසයි.
මේ කාලෙයේම තමන්ගේ ව්‍යාපාරය “නවලෝක” නමින් නම් කරන්නත් කළු මහත්තයා කටයුතු කරනවා.
මෙලෙස ටිකෙන් ටික ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නා මෙතුමාටත් 1977 විවෘත ආර්ථිකය හදුන්වාදීමත් සමග දේශීය ව්‍යාපාරිකයින් මුහුණ දුන් අභියෝග සියල්ලටම මුහුණ දෙන්න වෙනවා , එම අභියෝගයත් සාර්ථකව ජයගන්නා මෙතුමා නවලෝක රෝහල ඇරඹීම මගින් තමන්ගේ නවලෝක සමුහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරනවා.
විවාහය මගින් දියණියන් සිව්දෙනෙකු සහ ජයන්ත සහ උපාලි නම් පුතුන් දෙදෙනෙකු ලබන මෙතුමා තමන්ගේ දරුවන් නිසි අද්‍යාපනය ලැබූ පසු තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ කරගන්නවා ,හැබැයි ඒ ඉහලම තැනින් නම් නෙමෙයි ,පහලම තැන ඉදලා ඉහලට එන්න ඔවුන්ට ඉඩ සලස්වලා දෙනවා.
පහේ පන්තිය දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ මෙතුමා තමන්ගේ දර්ශනය මගින් ඉහලට නැග්ග ආකාරය පුදුම සහගතයි.
පසු කාලෙදී එතුමා විසින්ම එතුමාගේ දියුණුවට හේතු වුණු කරුණු දැක්වුවා ,එනම් මුල අමතක නොකිරීම, “නෑ” , “බෑ” උත්තර ලෙස බාරනොගැනීම,ධාර්මිකව හම්බ කිරීම සහ වියදම් කිරීම ,අපතේ යාම නැවතීම සහ අද කලයුතුදේ අදම කිරීමයි.
අදවනවිට ලංකාවේ ලොකුම සමුහ ව්‍යාපාරයක් වන නවලෝක ව්‍යාපාරයේ කටයුතු තමන්ගේ අවසන් කාලය දක්වාම තමන් යටතේ පවත්වාගත් මෙතුමා සෑම දිනකම උදෑසන 10.15 සිට හවස 5.00 වනතෙක් තමන්ගේ කාර්යාලයේ රැදී සිටියා.
නැගී එන ව්‍යාපාරිකයින්ට කළමනාකරණ පොත් දහසකින්වත් ලබාගත නොහැකි ගුණාංග මෙතුමාගේ ජීවිතය අධ්‍යනය කිරීමෙන් ලබාගත හැකියි.
දේශමාන්‍ය ගරු නාමයෙන් පුද ලද මෙතුමා 2011 අගෝස්තු මස 10 වෙනිදා දැයෙන් සමුගත්තා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!