Gossip

අඩියක් පෙරට තැබූ බදුල්ල මහ රෝහල – Photos

මේ බදුල්ල පළාත් මහ රෝහලේ වෛද්‍ය ආපනශාලාවේ තබා ඇති පොල් වතුර කලයක්.
සැම දිනකම රෝහල් මුලුතැන්ගෙයි බිදිනු ලබන සිය ගණන් පොල් ගෙඩි වලින් මෙතෙක් කල් ඉවත දමන ලද ලීටර් ගනනාවක් පොල් වතුර දිනකට දෙවතාවක් මෙසේ එකතුකොට එය වෛද්‍යවරයින්ගේ පරිභෝජනය සදහා ලබා ගන්නෙමු.
මෙලෙස ආපනශාලාවේ තබා ඇති නැවුම් පොල් වතුර වෛද්‍යවරුන්ගේ ප්‍රියතම පානයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොල් වතුර යනු ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිත ,පෝෂණ ගුණයෙන් අනූන පානයක් බව ඔබ දන්නවාද ?
මෙම ක්‍රියාකාරකම හරහා අප බලාපොරොත්තු වන්නේ ජනතාව තුල පොල් වතුර පානය කිරීමෙහිලා පවතින දුර්මතයන් සමනය කර නිකරුනේ ඉවතලන මේ අගනා පානය වෙත ඔබ සැම යොමු කිරීමයි..

පොල්වතුරෙහි අන්තර්ගතය ඔබ දන්නවාද ?
එහි.
ජලය 93%-96% පමන
අත්‍යවශ්‍ය ලවනවර්ග
අත්‍යවශ්‍ය විටමින් වරග..
අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ..
මේදය රහිත වීම.(0.1%)
ස්වාභාවික සිනී වර්ග ශරීරයට හිතකර මට්ටමින් පැවතීම.
සයිටොකයින් නම් ඉතාමත් වැදගත් රසායනිකයන් බහුල වීම.
ප්‍රති ඔක්ෂිකාරක බහුල වීම.

ඔබ නිතිපතා මේ අගනා පානය පුලුවන් ප්‍රමාණයෙන් පානය කිරීමෙන්.

1.දියවැඩියාව, අධ්ක රැධිර පීඩනය, හෘදයාබාධ, පිලිකා වැනි රෝග වලින් ඔබ ආරක්ෂා වනු ඇත.

2.මෙහි සමරැලි වැටීම,වයසට පත්වීම අඩුකරන රසායනිකයන් බහුලය එමගින් ඔබගේ තාරුණ්‍ය රැකෙනු ඇත .

3.මූත්‍රා වල ගල් ඇතිවීම,විෂබීජ මර්ධනනය.

4.රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය වීම

5. නිසි සජලනය මගින් තෙහෙට්ටුව, මහන්සිය අඩුවීම
6.දරුඵල ඇතිවීමේ හැකියාව වැඩිවීම..

ඇතුලු බොහොමයක් බෝ නොවන රෝගවලින් ඔබව ආරක්ෂා වනවා පමනක් නොව කෘත්‍රිම බීම වර්ග වෙනුවෙන් වැයවන මුදලත් ,එමගින් සැදෙන රෝගී තත්වයන් ගෙනුත් රැකෙනු ඇත .

බොහොමයක් මව්වරුන් මේ සෞඛ්‍ය සම්පන්න පානය ඉවතලා කෘත්‍රිම බීම වර්ග(බඩී ) වෙත ලමුන් යොමු කිරීමෙන් නියතවම ඔවුන් අවාසනාවන්තම දෙමාපියන් වනු ඇත .
බටහිර රටවල් ඔවුන්ගේ කෝලා වර්ග පිටිකිරි අපිට විකුනා ඔවුන් පොල් වතුර පානය කිරීමට පෙලඹී ඇති‍ර අපේ කට්ටිය පොෂ් වෙන්ඩ බඩී ගසා රෝගීන් බවට පත්වෙන කරුමය කුමක්ද ?

ඇමරිකන් Vita coco සමාගම පමණක් පොල් වතුර මගින් ඔවුනගේ ආදායම 2007- ඩොලර් මිලිය 4 සිට 2009 ඩොලර් මිලියන 20 දක්වා වැඩිකරගෙන ඇත.
දීර්ඝකාලීන වකුගඩු රෝගීන්ට හැර ඔනැම කෙනෙකුට මෙය ඉතාමත් ආරක්ෂිත පානයක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
රටේ පාලකයෝ කළ යුත්තේ ජනතාව මෙවැනි දෙවල් පිලිබදව දැනුවත් කිරීමම නොවේද.. ?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!