තරු හුට පට

වසරේ අනභිනන්ධිත ගැහැණිය – ඒඩ්ස් ගිනිදැල් මැදින් යළි උපන් ගැහැණිය (වීඩියෝ)

cvr

ජර්මනියේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටි සිය සැමියා යළි සියරට පැමිණීමෙන් අනතුරුවයි ඇයටත් රෝගය වැළඳී ඇති බව ඇයට දැනගන්නට ලැබුණේ.

සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බව හෙළිවීමත් සමඟ ඇය වාසය කළ මුළු ගම්මානයම ඔවුන්ගේ පවුලට එරෙහිව ‘යුද ප්‍රකාශ’ කළ අයුරු ඇය තවමත් සිහිකරන්නේ කම්පිතව.

ගමෙන්, සමාජයෙන් එල්ල වූ හිරිහැර, අපහාස දරා ගත නොහැකිව දින තුනක් ඇතුලත සැමියා දිවි නසා ගැනීමත් සමඟ දරු දෙදෙනාත් සමගින් ඇය මෙලොව තනිවන්නීය.

එයින් පසුවත් ගම්වාසීන් ඔවුන්ට නිදහසේ දිවි ගෙවන්නට ඉඩ දෙන්නේ නැහැ.

දරු දෙදෙනාද සමඟ ඇය නිවසේ නිදා සිටියදී ගම්වාසීන් ඔවුන්ගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේ ඔවුන් දිවි බේරාගන්නේ ‘පූරුවේ වාසනාවකට.’

ගමෙන් පලා ගොස් වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටි අවස්ථාවේයි, තමන්ටත් රෝගය වැළඳී ඇති බව ඇයට දැනගැනීමට ලැබෙන්නේ. ඒ මෙයින් 16 වසරකට ඉහතදී.

මුළු මහත් ලෝකයම උඩු යටිකුරු වූ අන්දමකුයි එදා ඇයට හැඟුනේ.
එහෙත් අවාසනාවන්ත ලෙසින් HIV ආසාදිතයකු බවට පත්ව සිටි, නැසීගිය වෛද්‍ය කාමලිකා අබේරත්න සහ දෙමාපියන්, ඥාතීන් ඇතුළු බොහෝ දෙනා දුන් දිරිය හේතුවෙන් අද ඇය තමන් වැනිම රෝගීන් වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සමාජ සේවිකාවක්.

ඒ Positive Women Network ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා ලෙසින්.සිය දියණියන් දෙදෙනා පූර්ණ සුවයෙන් සිටින බව සනාථවීමත් ඇය යළි දිරිමත්වීමට තවත් හේතුවක්.
HIV භීතිය- ආසාදිතයන්ගේ ‘අයිතීන් සුරකින්න’

තවත් HIV ආසාදිතයන් හැට අට දෙනෙක්

HIV ගැන ඔබ මේ කරුණු දැන සිටියාද?

HIV භීතිය සහ අධ්‍යාපනය: ‘ඓතිහාසික තීන්දුවක්’

එච්අයිවී පරීක්ෂාව සඳහා කොළඹට පැමිණෙන පුද්ගලයන්ට, පරීක්ෂාවෙන් අනතුරුව යළි නිවසට යාමට මැලිකමක් දක්වන්නන්ට මෙන්ම රෝගයෙන් දැඩිව ඔත්පලව සිටින සිය ගණනකට ඇය සිය දෑතින්ම උවටැන් කරන්නේ සිය නවාතැනේදීමයි.

“පළ වෙනි අරමුණ තමයි එච්අයිවී ආසාදිත කාන්තාව ශක්තිමත් කරන එක. කාන්තාවගේ මානසික ශක්තිය වර්ධනය කලාම එයා දන්නවා සැමියා සහ දරුවා බලාගන්නේ කොහොමද කියල.”

එහෙත් දැන් ඇයට ඇය වෙසෙන අලුත්ම නවාතනෙනුත් ඉවත් වන්නට සිදුවෙලා.

“දැන් මේ බඩු අස්කරමින් ඉන්නවා යන්න තැනක් නැතිව.”

ඒ ‘කුණු ලෙඩ කාරයෝ, ජරා යක්කු’ හේතුවෙන් සිය දරුවන්ටද අයහපතක් වෙතැයි පවසමින් ගම්වැසියන් ඔවුන් වෙසෙන නිවසේ හිමිකරුට පැමිණිලි කිරීම හේතුවෙන්.

“සමහර වෙලාවට කවුරු හරි ගෙට කුලිය ගෙවන්න ලෑස්ති වුනත් සමහරු ගේ දෙන්න කැමති නෑ. මෙතෙන්ට හුඟක් දෙනා එනවා යනවනේ?”

පසුගියදා අද දෙරණ නාලිකාව සංවිධානය කළ ජාතික සම්මාන උළෙලේදී මේ සමාජ සේවිකාව, ප්‍රින්සි මංගලිකා, අනභිනන්දිත වීරවරියක ලෙසින් පිදුම් ලැබුවාය.

 

 

 

 

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!