තරු හුට පට

විවාහයෙන් පස්සෙ වොල්ගට මොකද වුණේ? (ඡායාරූප සහිතයි)

cvr

හර්ෂණ – වොල්ගා දෙන්නට විවාහයෙන් පස්සෙ මොකද වුණේ කියලා දැන ගන්න ගොඩක් අය මඟ බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒ නිසා අපි හර්ෂණගෙයි වොල්ගගෙයි අලූත් ජීවිතය ගැන ටිකක් විපරම් කරල බැලූවා.
විවාහයෙන් පස්සෙ හර්ෂණගේ වගකීම් වැඩි වුණත් රංගන කටයුතු පැත්තෙන් කියන්න තරම් වෙනසක් වෙන්නෙ නෑ කියල තමයි ආරංචිය.

ඒත් වොල්ග කියන්නෙ ඉස්සර ඉඳන්ම එයාගේ ජීවිතයට එයා විසින්ම යම් යම් සීමාවන් පනවගෙන හිටපු කෙනෙක්නෙ. ඒ නිසා විවාහයෙන් පස්සෙ කියලා එයාට වෙනස් කරගන්න අමුතු දේවල් නෑ ලූ. වොල්ගා රඟපෑමෙන් ඉවත් වෙන්න බලාපොරොත්තුවකුත් නෑ ලූ. එහෙම කවදහරි ඉවත් වෙනවා නම් ඉවත් වෙන්නෙ එයා අම්ම කෙනෙක් වුණ දවසට ලූ. ඒත් ඉතින් ඒ ඉවත් වීම ජීවිත කාලයටම නෙමෙයි. තාවකාලික ඉවත් වීමක්.

කොහොම වුණත් ගොඩක් කාලයක ඉඳන් ආශ‍්‍රය කරන හර්ෂණටයි වොල්ගටයි අමුතු සීමාවන් හදා ගන්නවත් අමුතු නීති රීති පනවගන්නටවත් ඕන නෑ කියල තමයි වොල්ග නම් කියන්නෙ. විවාහයෙන් පස්සෙ ඒගොල්ලො ගොඩක් සතුටින් ඉන්නවා කියලා තමයි වොල්ගා වැඩිදුරටත් කිව්වෙ.

 

4 5 6 7 8 9 10

1 2 3

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!