තරු හුට පට

ලබන අවුරුද්ද වෙද්දිවත් අම්මා කෙනෙක් වෙන්න ආසයි – හිරුණිකා

11111111111111111111111111111111

 

හිරුණික ප්‍රේමචන්ද්‍ර කියන්නේ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැනෑ. ඉතින් හිරුණිකා පසුගිය දවස්වල යග දිවියට එළඹුණා කියලත් කවුරුත් දන්නවා. ඉතින් ඒ දෙන්නගේ අලුත් ජීවිතය ගැන අපි පොඩිඩක් හොයලා බැලුවා. බලන්නකෝ මේ දෙන්නා කියන කතාව.

 

හීන මවපු ලස්සන ජීවිතේද මේ ගවෛන්නේ?
හිරුණිගෙන් කතාව පටන්ගන්න හිතලා මම ඇහුවා. මොකද ලස්සන පවුලක් ගැන වැඩිපුර හීන බලන්නේ ගෑනු ළමයිනේ.

මම බලපු හීනවල තිබුණාටත් වඩා ලස්සන ජීවිතයක් මට හම්බවෙලා. කසාදයක් බඳින්න  ඕන කියලා හිතෙන්න පටන්ගත්ත මුල් කා‍ලේ ඉඳලාම මම හෙව්වේ හිරාන් වගේ කෙනෙක්. එහෙම බැලූවාම මට මේ හම්බවෙලා තියෙන්නේ මම හොයපු මට හරියටම හරියන කෙනා.”

 හිරාන් වගේ කෙනෙක් හෙව්වා කියන්නේ?
හිරුණිකාගේ කතාව තව ටිකක් දිගට ගෙනියන්න මට  ඕනවුණා. හිරාන් ගැන හිතේ තියෙන ආදරෙත් ඒ කතාවෙන් කියැවේවි කියලයි මම හිතුවේ.

දැන් මේ ගෙවන ජීවිතේ අපට හැමදාම තියෙන්නේ නැහැනේ. වයසට යනවා. අපේ ජනප‍්‍රියකම අඩුවෙනවා. අන්න ඒ කාලෙට ළගින් වාඩිවෙලා පරණ ජීවිතේ ගැන මතක් කර කර කතා කරන්න පුළුවන් මහත්තයෙක් මට  ඕන වුණේ. ඒ කියන්නේ ලොකු යාළුකමක් අපි අතරේ තියෙන්න  ඕන. හිරාන් මගේ මහත්තයා වගේම හොඳම යාළුවා.”

ඒ කියන්නේ හැමදාම හැමදේම දෙන්නා කතා කරනවා?

හිරාන්වත් හවුල් කරගෙන කතාව තවත් රසකර ගන්න හිතලයිිදෙන්නා’ කියලා ඇහුවේ. හැබැයි හිරුණිකා තමයි ආයෙත් කතා කළේ.

කොච්චර වැඩ තිබුණත් අපි දෙන්නා එකතුවෙලා එක වේලක් හරි උයාගෙන කන්න  ඕන කියලා දෙයක් මගේ හිතේ තියෙනවා. ඒ වෙලාවට දවස පුරාම වෙච්ච දේවල් මම හිරාන්ට කියනවා. හිරානුත් එහෙමයි.
එහෙම කිව්වාම තමයි හිරාන් කතා කරන්න පටන් ගත්තේ.

හිරුණිකා මගේ ළඟටවෙලා දවස පුරාම වෙච්ච දේවල් කියව කියවා ඉන්න එකට මම හරි ආසයි. මගේ ළග ඉන්නකොට එයා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ‍නෙවෙයිනේ. මගේ ආදර” හිරු’ ඒ වෙලාවට හිත පිරෙන්න ආදරේ කරන්න හිරු දන්නවා.”
හිරාන් එහෙම කිව්වේ තව ටිකක් හිරුණිකාට කිට්ටුවෙන ගමන්.

 කෑම උයන්නේ දෙන්නාමද?”
හිරුණිකා කියපු එක වේලක් හරි උයාගෙන කන කතාවේ ඇත්ත නැත්ත දැනගන්නත්  ඕනනේ. හිරාන්ගෙන් තමයි මට උත්තරය  ඕන වුණේ.
අපි දෙන්නටම උයන්න පුළුවන්. හිරු කලින් ආවොත් හිරු උයනවා. මම ආවොත් මම උයනවා. එක හොද්දක් හදාගෙන හරි අපි කනවා.”
හිරාන් කියන විදිහට දෙන්නම රසට කෑම හදන්න දන්නවා. ඒ කතාවට හිරුණිකාටත් එකතු කරන්න දේවල් තිබුණා.

හිරාන්ට තුන්වේලටම බත්  ඕන. කඩෙන් කන්න එයා කැමැතිම නැහැ. මට නම්  ඕන දෙයක්. හිරාන්ට  ඕනම නිසා කොච්චර වැඩ තිබුණත් අපි උයනවා. මම හිතන්නේ මම උයන කෑමත් රස ඇති. හැබැයි මම උයන්න පුරුදු වුණේ නම් රට හිටපු කා‍ලේ.”

ඇත්තටම හිරුණිකා රසට කෑම හදනවාද?
හිරුණිකාටත් දැනගන්න  ඕනවෙලා තිබුණු දේ ගැන දැනගන්නයි මම හිරාන්ගෙන් එහෙම ඇහුවේ.
ර්‍ණසිංහල කෑම නම් හරි රහට හදනවා. වෙන වෙන රටවල කෑම නම් අපි තාම හදලා නැහැ. කෑමවල රස කොච්චරද කියනවා නම් ?ට හදන කෑම උදේටත් රත් කරලා කනවා. ආදරෙන් හදන කෑමවල රස කොහොමත් වැඩියි.”
හිරාන් මේ කියන්නේ අපි දන්න, දැනගෙන හිටපු හිරුණිකා ගැන නම් ‍නෙවෙයි. අපි නොදන්න හිරුණිකා කෙනෙක් ගැන.

 ගොඩක් අය දන්නේ නැහැනේ හිරුණිකා මේ තරම් ආදර”ය බිරිඳක් කියලා?
මම හිතට ආපු දේ ඇහුවේ තව තව රහස් දැනගන්න.
ර්‍ණහැමෝම හිතාගෙන ඉන්නේ හිරු හරියට තරහා යන නපුරු කෙනෙක් කියලා. හැබැයි එයා ඇත්තටම ඊට වඩා ගොඩක් වෙනස්. කෙල්ලෙකුගේ තියෙන බොළඳ වැඩ ආදරේ හිතෙන වැඩ හැමදේම හිරු ගාව තියෙනවා. එයා හරිම සාමාන්‍ය කෙනෙක්. පුංචි දේටත් හිත රිදිලා අඬන, තරහා ගියාම මට කෑගහන, හිතට දැනෙන්න ආදරේ කරන කෙනෙක්. හැබැයි මට වඩා ටිකක් තරහා නම් යනවා. තරහා ගියාම මම කරන්නේ විහිළුවක් කරලා තව ටිකක් තරහාගස්සන එක. පස්සේ එයාම ළගට ඇවිත් යාළුවෙනවා. ආදරේ කරන අනෙක් හැමෝම වගේ තමයි අපිත්.”

හිරාන් කියාගෙන ගියේ හිරුණිකා ගැන අපි නොදන්න කතා ගොඩක්.

 ආදරේ දැනුණු නිසාද හිරුණිකාව ඉක්මනටම ළංකර ගත්තේ?
හිරාන්ගේ කතාවට මගෙන් පුංචි තල්ලූවක්.
ර්‍ණමම වැඩ කරපු ක්ෂේත‍්‍රයේ මට  ඕන තරම් ගෑනු ළමයි මුණගැහිලා තියෙනවා. හැබැයි ඒ හැමෝම ජීවත් වෙන්නේ මවාගත්ත ලෝකවල කියලා මට හොඳටම දැනුණේ හිරු මගේ ජීවිතේට ආවට පස්සේ. හිරුට  ඕන හරි සරලව ලස්සනට ජීවත් වෙන්න. මටත්  ඕන හරිම සාමාන්‍ය ජීවිතයක්. ඇත්තටම අපි හම්බවෙලා ටික කාලෙකින්ම එක වහලක් යටට එන්න හිතුවේ ඒ නිසා. හිරුණිකාව මගේ ළගින්ම තියාගන්නයි මට  ඕන වුණේ.”

ආදරේ කරපු කා‍ලේ දැනුණු ආදරේ තාමත් ඒ විදිහමද?
කියලා මම ආයේ හිරුණිකාගේ පැත්තට හැරුණේ හිරාන් ගැන කියන්න කතාන්දර ඇති කියලා හිතුණු නිසා.
ර්‍ණඅපි ආදරවන්තයෝ වෙලා හිටියේ ටික කාලයයිනේ. ඒ කා‍ලේ දැනුණු ආදරේට වඩා දැන් ආදරේ දැනෙනවා. මම මගේ ජීවිතේ ගැන තීරණ ගනිද්දී ගොඩක් හිතන්නේ නැහැ. හොඳයි කියලා හිතෙන දේ කරනවා. හිරාන් හොඳයි කියලා හිතුණු නිසා අපි බැන්දා. ඒ දවස්වල හිරාන් ගැන එක එක්කෙනා එක එක කතා කිව්වා. හිරාන් සෙල්ලක්කාරයි කිව්වා, දේශපාලනයයි කලාවයි ගැළපෙන්නේ නෑ කිව්වා. ඔය කතා අහලා මගේ අම්මත් මුලින් මට කැමැත්ත දෙන්න අදිමදි කළා. පස්සේ මගේ කැමැත්තෙයි ආදරෙයි නිසා අම්මත් කැමැති වුණා. අපි ඉක්මනට බැන්දට මම ගත්ත තීරණේ හරියටම හරි.”

 දෙන්නා දෙන්නට දාගනිපු නීතිරීති එහෙමත් තියෙනවාද?
ආදරය වැඩිවෙද්දී පුංචි පුංචි නීතිත් තියෙන්න බැරි නෑනේ.

ඇත්තටම නීති නෑ. මම කැමැති දේ කරන්න හිරාන් මට ඉඩදීලා තියෙන්නේ. බඳින දවස්වලම මම හිරාන්ගෙන් ඇහුවා මම දේශපාලනයෙන් අයින් වෙන්න  ඕනද කියලා. හිරාන් කිව්වා එහෙම  ඕන නෑ, ඔයා කරන දේ කරන්න කියලා. එයා මගේ වැඩවලට උදව්ත් කරනවා. මමත් එහෙමයි. එයා කැමැති දේ කරන්න ඉඩදීලා තියෙන්නේ. දැන් එයා එයාගේම ‍පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. මම දන්නවා හිරාන් කවදාහරි හොඳ තැනකට එනවා.”
ආදරය පිරුණු ආශිර්වාදයක් හිරුණිකාගෙන් හිරාන්ට ආදර”ය බැල්මක් එක්කම.

 ඒ කියන්නේ හිරාන්ව, හිරාන්ගේ සුපුරුදු වැඩවලින් හම්බවෙන්නේ නැතිවෙයි?
ෆැෂන් ෂෝස්වලට යනවා. හැබැයි තෝරා බේරාගත්ත ඒවට. මොකද මගේ බිරිඳ පාර්ලිමේන්තු මන්ත‍්‍රීතුමියක්නේ. ඒ ගැනත් හිතලා වැඩ කරන්න  ඕනනේ.”
හිරාන්ගේ සුපුරුදු වැඩ ගැන මතක් කරපු නිසා දෙන්නගේ විලාසිතා ගැනත් අහන්න මේක තමයි හොඳම වෙලාව.

හිරුණිකාට ලස්සනට ඉන්න හිරාන් උදව් කරනවා ඇති?
විලාසිතා ගැන හිරාන් වැඩිපුර දන්න නිසයි මම එහෙම ඇහුවේ.
ර්‍ණමම ආසම හිරු ගවුම් අඳිනවාට. ඒත් එයා කරන වැඩත් එක්ක එයාට ගවුම් අඳින්න බැහැ. මම සාරි ගැන නම් හිරු තරම් දන්නේ නැහැ. හැබැයි සාරිවලට හරියන කරාබු තෝරන්නේ නම් මම. කරාබු තෝරන්න ගියාම පුංචි පුංචි රණ්ඩුත් වෙනවා.”
හිරාන් හිරුණිකා දිහා බලලාමයි ඒ කතාව නම් කිව්වේ.

 ආදර හීන හැබෑ වුණාට පස්සේ දැන් තවත් හීන තියෙනවාද?
හිරුණිකාගෙයි හිරාන්ගෙයි ආදර ලෝකෙ ඉස්සරහට තව තව ලස්සන කරගන්න මවන හීන ගැනයි මම ඇහුවේ.
මට ආසාවක් තිබුණා අවුරුදු 30 වෙන්න කලින් දරුවෝ දෙන්නෙක්වත් හදාගන්න. ඒත් තව අවුරුදු දෙකනේ තියෙන්නේ. ඒ නිසා ලබන අවුරුද්ද වෙද්දිවත් අම්මා කෙනෙක් වෙන්න ආසයි. අනික අපිටම කියා පුංචි වත්තක් එක්ක ගෙයක් හදාගන්න  ඕන. අපේ පුංචි එවුන්ට සෙල්ලම් කරන්න පුංචි වත්තක්  ඕන. මම හරි ආසයි එහෙම ලස්සනට ඉන්න.”

ගෙදර වැඩ ඔක්කොම කරගෙන අනෙක් වැඩත් කරගන්න හිරුණිකාට ඉස්සරහට ගොඩක් උදව්  ඕන වෙයි?
ර්‍ණකිසි ප‍්‍රශ්නයක් නෑ. මම හරි ආසයි බබාලා හුරතල් කරන්න. මට පුළුවන් බබාලා බලාගන්න. සාමාන්‍ය විදිහට ජීවත් වෙද්දි වැඩ කොච්චර තිබුණත් ගෙදර වැඩවලට කිසිම අඩුවක් වෙන්නේ නෑ. මොකද මම දන්නවා මගේ හිරුගේ ආදරේ දවසින් දවස වැඩිවෙනවා කියා. මොකද අපි දෙන්නම ‍පොළොවේ පය ගහලා ඉන්න අය.”

හිරාන්-හිරුණිකා ළගට කිට්ටුවෙලා එහෙම කියද්දි ආදර”ය හිරුණිකා වෙනුවට පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍රට පාර්ලිමේන්තුවට යන්න වෙලාව ඇවිත් තිබුණා. අපි හිරුණිකාගෙයි හිරාන්ගෙයි ආදර ලෝකෙන් එළියට ආවා.

මේ පසුගිය දින පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!