Gossip

මම මවක් වෙන්න පුළුවන් – හෂිනි රත්නායක කියන කථාව මෙන්න

හෂිණි අවුරුදු 33 වූ ඔබ වයස අවුරුදු 75ක් වෙච්ච වික්ටර්ට ළංවුණේ ඇයි? මෙතන ඇත්තටම තියෙන්නේ ප්‍රේමයක්ද? නැත්නම් වෙනත් යටි අරමුණක්ද?

ඇත්තටම මම වික්ටර් සර්ට මුලින්ම ළංවුණේ රසිකාවියක් විදිහට. මම සර්ගෙ සින්දුවලට හරිම ආස කළ රසිකාවියක්. මේක අවුරුදු හයක පමණ කාලයක ඉඳන් එන ඇසුරක්. අපි දෙන්නා අපි දෙන්නට හොඳින් තේරුම්ගැනීම නිසාම තමයි අපි දෙන්නා ළංවුණේ.

මම ඔබෙන් ඇහුවේ ඇත්තටම මෙතන තියෙන්නේ ප්‍රේමයක්ද? නැත්නම් වෙනත් යටි අරමුණක්ද? ඔබ වික්ටර් රත්නායකට ළංවෙන්න ඇත්තම හේතුව මොකක්ද කියාලා?

තුන්හිතකවත් මම කවදාවත් හිතුවේ නෑ මෙහෙම සම්බන්ධයක් පටන් ගන්න වෙයි කියලා. ඉතින් කොහොමහරි ගොඩක් සමීප වෙලා අපි අතරේ ප්‍රේමයක් ඇතිවුණා. මුලින්ම සර් ගැන මට තිබුණේ ලොකු ගෞරවයක්. අපි දෙන්නාගේ ආදරය, සිතුම් පැතුම් ගොඩක් සමීපයි. ඒ සමීපකමත් ඒ තේරුම් ගැනීමත් නිසා තමයි අපි අතරේ සම්බන්ධයක් ඇතිවුණේ. මගේ හිතේ එදා සර්ට තිබුණු ඒ ගෞරවය අදටත් එදාටත් වඩා වැඩියෙන් මගේ හිතේ තියෙනවා.

හෂිණි සංගීතය හදාරලා තියෙනවද?

මම පෙරදිග සංගීතයනම් කරලා නෑ. බටහිර සංගීතයනම් හදාරලා තියෙනවා. ඒත් පොඩි කාලේ ඉඳන්ම සර්ගේ සිංදුවලට මම ගොඩක් ආසකළා. ඒ නිසා සර්ගේ තද රසිකාවියක්.

ඔබ බැංකු වංචාවකට හවුවෙලා ඒකෙන් බේරෙන්න වික්ටර් එක්ක සම්බන්ධයක් ඇතිකරගත්තයි කියලා කරන චෝදනාවට මොකද කියන්නේ?

අනේ… නෑ. එහෙම දෙයක් නෑ. අදටත් මම මහජන බැංකුවේ සේවය කරනවා. මේ දවස්වල මම නිවාඩු පිටයි ඉන්නේ.

අපි කෙලින්ම කතා කරමුකෝ. ඔබ වික්ටර්ට ළංවුණේ ඔහුගේ දේපළ මුදල්වලට තියෙන ආශාව නිසා යම් දිනෙක ඒවා අත්පත්කර ගැනීමේ අරමුණෙන් නේද කියලා අපි ඇහුවොත්?

සර්ගේ දේපල වලටවත් සල්ලිවලටවත් මම සර්ට ආදරේ කළේ නෑ. කවුරු මොනවා කිව්වත් වික්ටර් සර් මාව තේරුම් අරගෙනයි ඉන්නේ.

මේ වනවිට ඔබ සහ වික්ටර් විවාහ වෙලාද ඉන්නේ?

ඔව්… ඔව්… මම දැන් සර්ගේ නීත්‍යානුකූල බිරියයි.

වික්ටර් රත්නායකයන්ව විවාහ කරගන්න යනවා කියලා දැනගනිද්දී හෂිණිගේ පවුලේ උදවිය මොකද කිව්වේ?

වික්ටර් සර් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තම මුලදි නම් මගේ ගෙදරිනුත් විරුද්ධ වුණා. පස්සේ ඉතින් ඒ හැමෝටම තේරුණා. ඒ දවස්වල ඉඳලම අපි දෙන්නම දැඩි ස්ථාවරයකයි හිටියේ කොච්චර කොයි බාධා ආවත් සම්බන්ධය නවත්තන්නේ නෑ කියලා. ඉතින්… පස්සේ අපේ ගෙදරිනුත් මුකුත් කිව්වේ නෑ.

හෂිණි දිගටම මහජන බැංකුවේ රුකියාව කරනවාද?

නෑ… සර් කියනවා රැකියාවෙන් අයින් වෙන්න කියලා. ඉතින් ඒ නිසා මම ළඟදිම රැකියාවෙනුත් ඉවත් වෙනවා. එතකොට සර්ව හොඳින්ම බලාකියා ගන්නත් පුළුවන්. ඔහුගේ වැඩවලට මට පුළුවන් විදිහට උදවු වෙන්නත් පුළුවන්.

මේ දිනවල සමාජ වෙබ් අඩවි ඔස්සේ ඔහුගේ දරුවන් මේ විවාහයට විවේචනය එල්ල කරද්දී මොකද වික්ටර් ඔබට කිව්වේ?

ඇත්තටම ඒ වගේ දෙයක් මුලින්ම දකිද්දී නම් කම්පනයට පත්වුණා. කොහොමත් අපි ඔය Facebook සමාජ වෙබ් අඩවි පස්සේ පන්නන්නෙ නෑ. ඒවා වැඩිය බලන්නෙත් නෑ. ඒත් අපිට අපේ හිතවතුන් කෝල් කරලා කියද්දී තමයි අපිත් ඒවා දැනගන්නේ. මම නම් සෑහෙන කම්පනයට පත්වුණා මගේ මහත්තයා ගැන මෙහෙම ආරංචියක් එයාගෙම පුත්තු කියද්දී. නමුත් සර් ඒ දේ දැකපූ විදිහ ගැන මට අදටත් පුදුමයි. සර් ඒ දිහා හරිම මධ්‍යස්ථවයි බැලුවේ. එයාලා කරන දේනේ ඒ… අපි වැරුද්දක් කළේ නැහැනේ.අපි නිහඬව බලාගෙන ඉමු කියලා විතරමයි සර් කීවේ. කොයි වෙලාවකවත් අපි දෙන්නා කිසිම තැනක කිසිම කෙනෙක් එක්ක ඒ අයව විවේචනය කරලත් නෑ… කරන්නෙත් නෑ…

හෂිණි ඔබේ වයසයි වික්ටර් රත්නායකයන්ගේ වයසයි අතර ලොකු පරතරයක් තියෙනවා. දැන් ඔහුට අවුරුදු හැත්තෑපහක්?

ඔව්… ඒක ඇත්ත. නමුත් වයස මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. සර්ටත් අපේ වයස අතර පරතරය කිසිම ප්‍රශ්නයක් නෙවේ. අනික් සර් මට වඩා ගොඩක් වැඩිමල් කියලා නොදැන නෙමෙයිනේ අපි මේ සම්බන්ධය පටන් ගත්තේ.

කසාද බැඳපු හැම ගැහැනියකගේම ඊළඟ බලාපොරොත්තුව දරැවන්. ඒ බලාපොරොත්තුව ඔබටත් තියෙනවද?

ඔව්… ඇතැම්විට එහෙම වෙන්න පුළුවන්. වික්ටර් සර් නිසා මම මවක් වෙන්න පුළුවන්.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!