Gossip

“එයා එදා තමයි මුලින්ම මට ආදරෙයි කිව්වෙ” හෂිනිට වික්ටර් රත්නායක ආදරය ප්‍රකාශ කරපු හැටි

ආචාර්ය වික්ටර් රත්නායකගේ සහ හෂිනිගේ විවාහය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවිධ අදහස් දක්වනවා. කෙසේවෙතත් මේවනවිට මේ විවාහය ගැන ඔවුන් දෙදෙනාම තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.

ඉතින් වික්ටර් රත්නායකයන්ගේ ආදරය දිනූ හෂිනි අමේන්ද්‍රාට වික්ටර් ආදරය ප්‍රකාශ කරලා තියෙන විදිහ ඇය කියලා තියෙන්නේ මේ විදියට.

“එදා වික්ටර් මගේ ගෙදර ඇවිත් හිටියා. මගේ නිවසේ අය ඥාති නිවසක විවාහ මංගල උත්සවයකට ගිහින් හිටියා. අපි හිටියේ මගේ අක්කගේ ගෙදර. රෑ කෑම අරන් යන්නයි නැවතුණේ. එයා එදා තමයි මුලින්ම මට අදරෙයි කියලා මුවින් ප්‍රකාශ කළේ. නමුත් ඒ වන විට අපි පුදුම තරමින් සිත්වලින් බැඳිලා හිටියේ. ආදරය කියන වචනය මුවින් පිටවෙලා නොතිබුණාට අපේ සිත්වලින් සිය දහස්වරක් හුවමාරු වෙලා තිබුණේ.

ඇත්තටම එයා මට වරෙක පියෙක්, මිතුරෙක් සොයුරෙක්. දැන් සැමියා විදිහටත්, ගුරවරයෙක් ලෙසටත් මගේ ජීවිතය ආදරයෙන් සෙනෙහසින් පුරවනවා. දහසක් වචන භාවිතා නොකර මගේ හැඟීම්, ඉරියව්, සිතුම් පැතුම් අවබෝධ කර ගැනිමේ හොඳ ඉවක් එයාට තියෙනවා.

අපි ආදරෙන් බැඳුණාට පස්සේ මම කොළඹ පන්තියකට ගියා. ඒ කාලෙදි අපි ආදරෙන් හමු වුණා. අපේ කතාබහ, ඉරියව්, හැඟීම් ගැන ගෙදරට ඉව වැටුණාම අම්මයි තාත්තයි, අක්කලයි තදින්ම විරුද්ධ වුණා. එයාලා උත්සාහ කළෙත් මාව වික්ටර්ගෙන් ඈත් කරලා වෙන කාට හරි බන්දලා දෙන්න.

විවාහ නොවී වුණත් අපි එක වහලක් යට අවුරුදු 2 ක් විතර ජීවත් වුණේ හරිම අවබෝධයෙන්. අපේ බැඳීම විවාහයටත් වඩා එහා ගිය එකක්. ඒ නිසා කඩදාසියක අත්සන් කරලා එක් කරන බැඳීමට වඩා එහා ගිය පුදුමාකාර බන්ධනයකින් අපි වෙලිලා ඉන්නේ. විවාහ වෙන එක අපට එච්චර ගැටලුවක් වුනේ නැති වුණත් වික්ටර්ගේ දරුවන්ගේ ගැටලු නිසා තමයි විවාහ වෙන්න හිතුවේ. විවාහ වූ බව දැනගත්තා මාගේ දෙමාපියොත් කැලඹීමට පත් වුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!