Gossip

දෙන්නා එකට ජීවත් වෙන්න පටන් ගත්තහම ඒ විශේෂකම නැතිවෙලා යනවා – හර්ෂණ බෙත්මගේ

තරුණ පරපුරේ ජනප්‍රිය මෙන්ම ආදරණීය යුවළක් විදියට හර්ෂණ බෙත්මගේ සහ වොල්ගාව හඳුන්වන්න පුළුවන්. ඉතින් හර්ෂණ ගේ රංගන කටයුතු එක්ක වොල්ගා එක්ක විවාහ ජීවිතය ගත කරන විදිහ ආදරය ගැන හර්ෂණ කිව්වේ මේ විදියට.

ආදරයට නිර්වචනයක් දෙන්න?
ලෝකයේ තියෙන සුන්දර දෙයක් තමයි ආදරය කියන්නේ.

පාසල් ප්‍රේමය, සුන්දරයිද?
මම හිතන්නේ පාසල් ප්‍රේමය බොරුවක් කියලා.

ආදරය මුලින්ම දැනෙද්දී වයස කීයද?
අවුරුදු 26යි.

ආදරය හැමවිටම ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයද?
එහෙම නෑ. ගැහැනු ළමයින් ආදරය ප්‍රකාශ කරන අවස්ථා තියෙනවා.

අප්‍රකාශිත ආදරයක් තිබුණාද?
නෑ. එහෙම ප්‍රකාශ නොකරපු ආදරයක් තිබුණේ නෑ.

ආදරය කරද්දී පෙම්වතා වැඩිමහල් විය යුතුද?
එහෙම වෙන්න ඕන කියලා නියමයක් නෑ.

හර්ෂණට වැඩිමහල් කෙනෙක් ගැන ආදරයක් හිතිලා තියෙනවාද?
එහෙම හිතිලා නෑ.

පෙම්වතියගෙන් ලැබුණු මුල්ම තෑග්ග මතකද?
ඔරලෝසුවක් තමයි මුලින්ම ලැබුණේ.

ගැහැනියකගේ ඔබට ආදරේ හිතෙන්නේ ඇයගේ මොන ගතිගුණවලටද?
සරල, ‍පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්ටයි මම කැමැති.

ආදරය විවාහයෙන් කෙළවර විය යුතුද?
කවදාවත් නැහැ. මැරෙනකම් ආදරය තියෙන්න ඕන.

ආදරයටයි රාගයටයි එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?
පුළුවන්. රාගයයි ආදරයයි දෙකම සමබර වෙනවා නම් ආදරය ලස්සනයි. එහෙම නොවුණහොත් ඒ ආදරය සාර්ථක නැහැ.

විවාහය නිසා ඇතැම් අය වෙනස් වෙනවා. ඒ ඇයි?
විවාහ වෙන්න කලින් අපි කරන ආදරය විවාහයෙන් පස්සෙත් ඒ ආදරය තියෙන්නෙ ඕන. විවාහයට කලින් අපි ආදරය කරන කෙනා විශේෂ කෙනෙක්. දෙන්නා එකට ජීවත් වෙන්න පටන් ගත්තහම ඒ විශේෂකම නැතිවෙලා යනවා. ඒ විශේෂකම හැමදාම තියෙනවා නම් ආදරය විවාහයෙන් පස්සේ වෙනස් වෙන්නෙ නැහැ.

විවාහය ලියාපදිංචි කළ යුතුද?
මට එහෙම වෙන්න ඕන නැහැ. විවාහයට නීතියක් අවශ්‍ය නැහැ.

විරහව එක ජේදයකින් විස්තර කරන්න?
ආදරය නොලැබිම හෝ කැමැති කෙනා නොලැබිම තමයි විරහව කියන්නේ.

සමලිංගිකයන්ගේ ආදරය සමාජ සම්මතයට පටහැනිද?
ඔව්. පටහැනියි ලංකාවේ නම්.

මේ වෙද්දී ගැහැනු ළමයි කී දෙනෙක් දාලා ගිහින් තියෙනවාද?
ජීවිතේ එක්කෙනාටයි ඇත්තටම ආදරය කළේ. ඒ වොල්ගා. තාම එයා මාත් එක්ක ඉන්නවා.

ආදරය එක් සහකාරියකට පමණක් සීමා විය යුතුද?
කෙනා අනුව ඒ දේ වෙනස් වෙන්න පුළුවන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!