Gossip

අවසන් කටයුතු කරන්න තියෙද්දී මියගිය තරුණයා ගෙදරට ඇවිල්ලා

cvr

ගාල්ල වරායෙන් පසුගිය මස ඉෂාන් පුතා නම් බහුදින ධීවර යාත්‍රවේන් ධීවරයන් 6 දෙනෙකු ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා. පසුව තවත් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බෝට්ටුවක් හා ඉෂාන් පුතා බෝට්ටුව එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් ධීවරයකු තුවාල ලබා එදිනම මියගොස් තිබෙනවා.

මේ අනතුර සම්බන්ධයෙන් ගාල්ල වරායට හා හම්බන්තොට වරායට හා සියලුම වරායන්වලට එම අවස්ථාවේදීම දන්වා තිබුණා.

එලෙස මියගොස් ඇති බව දැනගෙන ඇත්තේ ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත පදිංචි එක්දරැ පියෙක් වන 21 හැවිරිදි ඉෂාන් මංඡුල නම් තරුණයායි.

නිවැසියන් මෟතදේහය ගාල්ල වරායට ගෙන එන තෙක් අවමංගල්‍ය කටයුතු සඳහා දැන්වීම් සහ අනෙකුත් දෑ සිදුකරමින් සූදානම් වී තිබෙනවා.

සියලුම හිතවතුන්ද නිවසට පැමින මෙම මරණය සම්බන්ධයෙන් දැඩිව කම්පනයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෟතදේහය රැගත් බෝට්ටුව සහ අනතුරට ලක්වූ අනිත් බෝට්ටුවද ඊයේ රාත්‍රි ගාල්ල වරායට පැමිනෙන අවස්ථාවේදී නැවතත් ඡංගම දුරකථනයකින් දන්වා ඇත්තේ අපි තව ටිකකින් ගාල්ලට එනවා යනුවෙනුයි.

එවිට ඉෂාන්ගේ හිතවතකු විමසා ඇත්තේ ඉෂාන්ගේ දේහය මොකද කියාය..

එම අවස්ථාවේදී බෝට්ටුවේ අය පුදුම වී පවසා ඇත්තේ ඉෂාන් මැරුනේ නෑ එයා බෝට්ටුවේ ඉන්නවා වෙන කෙනෙක් තමයි මැරුනේ කියලා.

එවිට තමයි ගම්මුනට සියල්ල වැටහී ඇත්තේ.

වහා මලගෙදර සිටී අයට මේ බව දන්වා අවමංගල්‍ය උස්සවය සඳහා සිදුකළ සියල්ල ඉවත්කරලා.

ඒ අනුව මියගිය පුද්ගලයා වන්නේ මහමෝදර සියබලාගහවත්තේම පදිංචි අවිවාහක 22 හැවිරිදි සඡිත් මදුසංක යන ඉෂාන්ගේ නිවස අසලම පදිංචි තරැණයෙකි.

දෙදෙනාම එකට ධීවර රැකියාවට ගොස් ඇත.ඉෂාන්ගේ ගෙදර තිබූ අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍ය පුටු ආදිය සජිත්ගේ නිවසට ගෙන ගොස් ඇත්තේ ඉන් පසුවයි.

කෙසේ වෙතත් අද අලුයම සිට දෙදෙනාගේම හිතවතුන් ගාල්ල ධීවර වරායට පැමින සිටියේ මෙම සිද්දිය ඇස්දෙකෙන් දැකගැනීමටයි.

ඒ අනුව අද පෙරවරැ 7ට පමණ බෝට්ටු දෙකම මෟතදේහයත් සමග ගාල්ල වරායට පැමිණියා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!