Gossip

“අන්තිම මොහොත වෙනකං දූ හිටියා බඩ ඇතුලට වෙලා.” – හද්දා ශුද්ධ ප්‍රේමය ගීතයේ සැඟවුණු කතාව රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන පළමු වරට හෙළි කරයි – Exclusive

අද සමහර ආදර කතා දවසට දෙකට නැතිවෙලා යනවා..
ඒත් ඒ ආදර කතා අතරම සංසාරගත බැදීම්ද තියෙනවා.
ඒ විදිහේ සංසාරගත ආදර කතාවක අපූරු දිගහැරුමක් ගැන පසුගිය දවසක අපිට අහන්න දකින්න ලැබුණා.
රසික හදවත් සිය රංගන හැකියාවෙන් වසඟයට ගත් ධනංජය සිරිවර්ධන සහ ඔහුගේ ආදරණීය බිරිඳ ශෂිනි සිරිවර්ධනගේ කැඳැල්ලට අලුත් අමුත්තියක් ආවා.
ඉතිං ඒ පුංචි සිගිත්තිය මෙලොව එළිය දුටු දවසේම “හද්දා ශුද්ධ ප්‍රේමය ගීතයද” සමාජගත වුණා.
මේ ගීතය කාගේත් කතාබහට ලක්වුණු වීඩියෝවක් වුණු නිසා මේ ගැන හොයලා බලන්න අපි ධනංජය සිරිවර්ධනට කතා කළා.
මේ ගීතය ඇතුලේ තියෙන කවුරුත් නොදන්න සැඟවුණු කතාව රංගන ශිල්පී ධනංජය මේ විදිහට අපිට හෙළි කළා.

මේක සාමාන්‍ය මියුසික් වීඩියෝ එකක් නෙවෙයි.. ඒකට හේතුව තමයි ශෂිනි ප්‍රෙග්නට් වුණාට පස්සේ ෆොටෝ ෂූට් එකක් කරනවා කියලා අදහසක් තිබුණේ නෑ..
ඒත් එයාගේ යාළුවෝ කියලා තිබුණා අපි ශූට් එකක් කරමු කියලා.
අපි ඒකට කැමති වුණා.
මට ඉස්සර ඉදලා අදහසක් තිබුණා මට දුවෙක් ලැබෙද්දි සිංදුවක් කරනවා කියලා.
මේකේ ඇත්තටම ඉස්සල්ලා හැදෙන්නේ තනුව..
ඒක මම දිනේෂ්ට කිව්වම, මම හිතුවේ 100 යිනම් එයා 1000ට ඒ කියන්නේ ඒ තරමටම ඇඩ්වාන්ස් විදිහට කළා.
ප්‍රසිද්ධ ගී පද රචකයෙක්ට ඉල්ලීමක් කළා මේ තනුවට ගීතයක් ලියන්න කියලා..
මගේ මොකක්හරි වාසනාවකට හරි අවාසනාවකට හරි එතුමා කාර්යබහුල වුණා.
මියුසික් වීඩියෝවක් කරනවා කියලා හිතුවේ නෑ.
ප්‍රෙග්නසි ශූට් එක දවසේ තමයි කිව්වේ වීඩියෝ එකක් කරමු කියලා.
මට අදහසක් ආවා මේ ගීතයයි වීඩියෝවයි දෙක එකතු කරාම මියුසික් වීඩියෝවක් හැදෙනවා කියලා.
මියුසික් වීඩියෝව කරන්න යද්දි වොයිස් කරලාවත් තිබ්බෙත් නෑ..
වාහනේ යද්දි තමයි මම මේ වචන ටික ලියන්නේ.
මම ගී පද රචකයාට දුන්නු අදහස තමයි මේ.
මට ඕන වුණා මේකෙදි කියන්න ප්‍රේමය කියන්නේ මොකක්ද.. දෙදෙනෙක් අතර ඇතිවෙන ප්‍රේමයට එහා ගිය සංසාරගත බැදීම කියන්නේ මොකක්ද කියලා.
ඉතිං මම ඒ නිසා “හද්දා ශුද්ධ ප්‍රේමය” නමින් ලියන්නේ අපේ දෙන්නගේම හිත්වල ඇතිවුණු ප්‍රේමය.
“හද්දා ශුද්ධ ප්‍රේමය කියලා වචනයක් මීට කළින් සිංදුවකට ලියවිලා නෑ..
මම උදේ මේක ලිව්වම ශෂිනි කිව්වා වෙන කවුරුත් ලියන්න ඕනේ නෑ දරුවගේ තාත්තා හැටියට මේක ලියන්න ඕනේ ඔයා කියලා.
ඊට පස්සේ අපි විෂුවල් එකට අවශ්‍ය විදිහට ශෂිනි කිව්වා.
එතකොටත් සිංදුවක් කරලා නෑ.
දිනේෂ් මට එතකොට ට්‍රැක් එක එව්වා.
දිනේෂුයි මමයි ළගින් වැඩ කරලා තියෙනවා.. ඌට මම කියන දේ තේරෙනවා. ඌ වැඩ කරන විදිහක් තියෙනවා.. දිනේෂ් එක්ක වැඩ කරන්න හරිම අමාරුයි. හැබැයි මම දන්නවා අවසාන රිසාල්ට් එක අතිශයින්ම සාර්ථකයි කියලා.
අපි හොද යාළුවෝ.
ඕන වෙලාවක රණ්ඩු වෙන්න පුළුවන් යාළු වෙන්න පුළුවන් හොඳ හිතවත්කමක් අපිට තියෙනවා.
දිනේෂ් මට ට්‍රැක් එක එව්වම මම හිතුවටත් වඩා දහස් ගුණයක් දුරට අරන් ගිහින් තිබුණා.
මම දිනේෂ්ට කිව්වා මේක වොයිස් කරන්න ඕනේ ඉක්මනින් කියලා.
දිනේෂ් කිව්වා මොකක්ද හදිස්සිය. වෙලාවක් යනවා මේ වගේ කලා නිර්මාණයකට කියලා.
මම කිව්වා සමහර විට ඉදිරි සතිය ඇතුලත දරුවා හම්බවෙනවා කියලා.
මම කිව්වා හෙටම වොයිස් කරන්න ඕනේ කියලා. දිනේෂ් කිව්වා හරි වොයිස් කරමු කියලා.
අපි ජූලි පළවැනිදා මේක රොකෝඩ් කරන්න දාගත්තා ලක්ෂිතගේ ස්ට්‍රඩියෝ එකේ
ශෂිනි කිව්වා මට අමාරුයි කියලා. පැය දෙකක් වගේ කාලයකදි සිංදුව පටිගත කළා
ශෂිනි අමාැරුයි කිව්වම ඉදගෙන Sing කළා
දවල් කෑම අරන් ගෙදර යද්දි අමාරු වෙලා හොස්පිටල් ගියා’
එදා හවස මවුර්යා මෙලොව එළිය දුටුවා. මවුර්යා වෙනුවෙන් මේ සිංදුව පටිගත කරද්දි එයා බඩේ.. පටිගත කරලා පැය ගාණකින් ඉපදුනේ.
මේකෙ අන්තිම මොහොත වෙනකං මවුර්යා හිටියා බඩ ඇතුලට වෙලා..
ඉවර වුණු ආරංචියට එයා එලියට ආවා.
ඒ නිසා මේ සිංදුව කවදාවත් අමතක වෙන්නේ නෑ..
ධනුක ඇතුලු කණ්ඩායම මේක එඩිට් කරලා ඉක්මනට එළියට දැම්මා.

වීඩියෝව පහතින්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!