Gossip

ගිනි අව්වේ කොන් විකුණු දියණියන්ගේ පවුලට පුංචි අස්වැසිල්ලක්

හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ අළුත්ශය ප්‍රදේශයේ මහපාරේ ගමන් කරන වාහනවලට අතදමා පැනි කෝන් විකුණන කුඩා අක්කා නගෝ දෙදෙනෙකු පිළිබඳව සංවේදී පුවතක් පසුගියදා වාර්තා වුණා.

මෙලෙස පැණි කෝන් විකුණුවේ සිව්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හංසි සඳමාලි සහ තුන්වන වසරේ ඉගෙනුම ලබන හර්ෂි සඳමාලි යන ගැහැනු දරුවන් දෙදෙනායි.

මේ දෙදෙනාට තවත් පුංචි මල්ලියෙක් සහ 11 වැනි වසරේ ඉගෙනුම ලබන අයියා කෙනෙකුද සිටිනවා.

ඉතින් මොවුන්ට යම් අස්වැසිල්ලක් වෙන්නට ඕස්ට්‍රේලියාවේ පදිංචි Jai Jeehan Sasanka Abeywickrema මහතා මුදල් පරිත්‍යාගයක් කර තිබෙනවා.

ඉතින් ඒ මුදල්වලින් කොටසක් ළමයින්ට අවශ්‍ය පොත් පත්, ඇඳුම් වැනි දේ අරගෙන කෑමට ආස පළතුරුද ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස මේ ජිවිත වලට මල් වැස්සක් වන්නට කාට හරි හැකියාවක් ඇත්නම් ඔහුන්ගේ ලිපිනය එස් .ජි .ප්‍රියන්ත රණසිංහ ,නො 273 සිංහගම ,අළුත්ඔය , මේ ඔවුන්ගේ ලිපිනයයි . මේ පිරිස සම්බන්ධ කරගැනීමට 076 69 95 508 අංකයට ඇමතුමක් ලබාගැනීමෙන්ද පුළුවන්.

කොහොමවුනත් මේ අවස්ථාවේ මොවුන්ගේ මුවග රැඳුනු අහිංසක සිනහව කැමරා කාචයේ සටහන්ව ඇත්තේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!