Gossip

පොලිස් අවවාදයෙන් නොනැවතී වේග සීමාව ඉක්මවා ගිය තරුණ ජීවිත දෙකක් අවසන් ගමන් යයි

හිතාගන්නවත් බැරි වෙලාවක හිතාගන්නවත් බැරි විදිහට එන කරදරවලින් ජීවිත පවා අහිමි වුණු සිද්ධි අපිට නිතරම වගේ අහන්න දකින්න ලැබෙනවා.
ඒ විදිහට මහමඟදි ඊයේ සිද්ධවුණු අනතුරක් නිසා තරුණ ජීවිත දෙකක් අකාලයේ නැතිවෙලා තිබුණා.
හබරණ ප්‍රධාන මාර්ගයේ අවුඩන්ගාව ප්‍රදේශයේදී මේ අනතුර සිද්ධවෙලා තිබුණේ අනතුරට පත් තරුණයන් දෙදෙනා ගමන් ගත් යතුරපැදිය පොළොන්නරුව සිට කොළඹ බලා සහල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක ගැටීමෙනුයි.
මේ අනතුර සිදුවීමත් සමගම යතුරුපැදිය සම්පුර්ණයෙන් කැබලි බවට පත්ව කොටසක් ගිනිගෙන විනාශවී ගොස් තිබූ බවයි වාර්තා වුණේ.
මහමඟදි මාරයාට හසුවුණු මේ තරුණයන් දෙදෙනාට දඹුල්ලේදී වේග සිමා ඉක්මවා ධාවනය කොට දඩ පත්‍රිකාවක්ද නිකුත් කොට තිබූ බවයි දැනගන්නට ලැබුණේ.
ඒ වගේම සිගිරි පොලිස් බල ප්‍රදේශයේදී මේ මාරක අනතුර වෙන්න ටික වේලාවකට කළින් මෙම යතුරුපැදිය වේගයෙන් ධාවනය කරද්දී පොලිසිය නවත්වා අවවාද කොට පිටත්කර තිබූ බවටද තොරතුරු වාර්තා වනවා.

19224880_1345548332231540_3200338010997898833_n

19225026_1345548798898160_9099195208902404554_n

19225083_1345548045564902_3924314387714017471_n

19225190_1345548605564846_6992182312765757411_n

19225547_1345548415564865_8037172827924775176_n

19247909_1345548138898226_2294195008576063446_n

19248042_1345548182231555_979638459779404939_n

19275217_1345548102231563_1567337888942479994_n

19366095_1345548475564859_8189175672896080399_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!